(එච්. චන්දන)
බාලවයස්කාර දැරියක් අපයෝජනය කළැයි පුද්ගලයකුට බරපතල වැඩ සහිත වසර 15ක සිරදඬුවමක් පුත්තලම මහාධිකරණ විනිසුරු ඒ.කේ.එම්. පටබැදිගේ මහතා නියම කළේය.
2009 වර්ෂයේ ජුනි 9 වැනි දා හෝ ඒ ආසන්න දිනයකදී ආණමඩුව පොලිස් වසමේ දර්ශනගම පදිංචිව සිටි වයස අවුරුදු 16 ට අඩු දැරියක් අපයෝජනය කිරීම සම්බන්ධයෙන් චෝදනා යටතේ විත්තිකරුට එරෙහිව පුත්තලම මහාධිකරණයේ කරුණු ගොනුකර තිබිණි.
මෙලෙස සිරදඬුවම් නියම වුයේ ආණමඩුව දර්ශනගම පදිංචි වර්ණකුලසූරිය රංජිත් කුමාර (38) යන අයයි.
මීට අමතරව රුපියල් 25000/- දඩ මුදලක් ද එය නොගෙවන්නේ නම් තවත් වසරක සිරදඬුවමක් ද, වින්දිත දැරියට රුපියල් ලක්ෂයක වන්දි මුදලක් ද එය නොගෙවන්නේ නම් තවත් වසර 3 ක සිරදඬුවමක් ද මහාධිකරණ විනිසුරු නියම කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නඩුව අවුරුදු 9ක්ම අහලා. ළමයට දැන් අවුරුදු 25ක් නේද? පෙරකදෝරු මහත්තයා දඩේට වඩා වැඩි ගානක් හොයා ගන්න ඇති.
පිස්සුද.. ලක්ෂයක්??? අම්මෝ... පරම්පරා 1000කට ඇතිනේ.. පවු අර අසරණ මිනිහා කොහොම මේ දඩේ ගෙවන්නද??
කොහොම නඩු ඇහිල්ලක්ද අහල තියෙන්නේ අවුරුදු 9ක්ම අහලා පෞද්ගලික බස් කොට කොට යනවා මිට වඩා ඉක්මනට. ගතමනාව හරියනකම් නඩුව කල් ගන්නවා. කවදා කෙසේනම් මෙවන් අඩුපාඩු හරිගස්සන්නද .