(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොළඹට නුදුරු ප්‍රදේශයක පවත්වාගෙන යනු ලබන ළමා නිවාසයක නේවාසිකව සිටින දැරියන් 18 දෙනකුට අතවර කළ බව කියන එම ළමා නිවාසයේ පාලිකාවගේ සැමියා අද (25) අත්අඩංගුවට ගත් බව කොහුවල පොලිසිය කියයි.
මෙම දැරියන්ට කළ බව කියන අතවර සම්බන්ධයෙන් ළමාරක්ෂණ අධිකාරියට ලද පැමිණිල්ලක් මත එම අධිකාරිය කොහුවල පොලිසියට කළ දැනුම්දීමක් මත මොහු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
නේවාසිකව සිටින වයස අවුරුදු 10ත් 17ත් අතර එම දැරියන් 18 දෙනා අද කොහුවල පොලිසියට ගෙනැවිත් තොරතුරු ලබා ගත් බවද පොලිසිය පවසයි.
මෙම ළමා නිවාසය පිහිටි දෙමහල් ගොඩනැගිල්ලේ ඉහළ මාලයේ අංග සම්පූර්ණ නිදන කාමර තිබුණද එම දැරියන්ට එම කාමර පරිහරණයට ඉඩදී නැතැයි ද පොලිසිය ප්‍රකාශ කරයි.
එම දැරියන්ට නිසි පරිදි කෑම බීම පවා නොදී ඇතැයි ද පොලිසිය දැරියන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළි වී ඇත.
මෙම දැරියන් ජාත්‍යන්තර පාසලක ඉගෙන ගන්නා අතර දැරියන් පාසලට රැගෙන යන වාහනයේ රියදුරු ලෙසද මොහු කටයුතු කරන බව පොලිසිය කළ මූලික පරීක්ෂණයේදී හෙළි වී තිබේ.
මේ සිද්ධින් සඳහා පාලිකාවගේ සහය ලැබී ඇත්දැයි විමර්ශනය කරන බව පොලිසිය පවසයි.මෙම දැරියන් අතවරයට ලක්ව ඇත්දැයි සොයා බලන බවද පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිස්සු මෙහෙම නරුම වැඩ කරන්න ලැජ්ජාවක් බයක් නැත්තේ ඇයි?දැන්ම අල්ලගත්ත නිසා හොඳයි.තව කලක් ප්‍රමාද වුණා නම් ඔය ළමා නිවාසෙට ළමයි බෝවෙන එකයි වෙන්නේ.
හාමුධුරුවනේ මෙව්වට කිසිම කෑ ගැසිල්ලක් හෝ පාරට බහෙන්නේ නැද්ද?
සුරංග, ඔබට ඊට විරුද්ධව එලියට බහින්න කොන්දක් නැද්ද?
මෙච්චර අපරාදයක් කරන කන් මේ කාන්තාව මොනවා කළාද? මේ කාන්තාවත් ඇරෙස්ට් කරන්න ඕනෑ.. අරාබියේ දඬුවම් දෙන්න ඕනෑ මේවාට...
ඔව්, රංග කියන එකමයි මමත් කියන්න හිටියේ... ඊට පස්සේ ලියල තියෙන සහනුත් ඒකමයි කිව්වේ...