(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොළඹට නුදුරු ප්‍රදේශයක පවත්වාගෙන යනු ලබන ළමා නිවාසයක නේවාසිකව සිටින දැරියන් 18 දෙනකුට අතවර කළ බව කියන එම ළමා නිවාසයේ පාලිකාවගේ සැමියා අද (25) අත්අඩංගුවට ගත් බව කොහුවල පොලිසිය කියයි.
මෙම දැරියන්ට කළ බව කියන අතවර සම්බන්ධයෙන් ළමාරක්ෂණ අධිකාරියට ලද පැමිණිල්ලක් මත එම අධිකාරිය කොහුවල පොලිසියට කළ දැනුම්දීමක් මත මොහු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
නේවාසිකව සිටින වයස අවුරුදු 10ත් 17ත් අතර එම දැරියන් 18 දෙනා අද කොහුවල පොලිසියට ගෙනැවිත් තොරතුරු ලබා ගත් බවද පොලිසිය පවසයි.
මෙම ළමා නිවාසය පිහිටි දෙමහල් ගොඩනැගිල්ලේ ඉහළ මාලයේ අංග සම්පූර්ණ නිදන කාමර තිබුණද එම දැරියන්ට එම කාමර පරිහරණයට ඉඩදී නැතැයි ද පොලිසිය ප්‍රකාශ කරයි.
එම දැරියන්ට නිසි පරිදි කෑම බීම පවා නොදී ඇතැයි ද පොලිසිය දැරියන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළි වී ඇත.
මෙම දැරියන් ජාත්‍යන්තර පාසලක ඉගෙන ගන්නා අතර දැරියන් පාසලට රැගෙන යන වාහනයේ රියදුරු ලෙසද මොහු කටයුතු කරන බව පොලිසිය කළ මූලික පරීක්ෂණයේදී හෙළි වී තිබේ.
මේ සිද්ධින් සඳහා පාලිකාවගේ සහය ලැබී ඇත්දැයි විමර්ශනය කරන බව පොලිසිය පවසයි.මෙම දැරියන් අතවරයට ලක්ව ඇත්දැයි සොයා බලන බවද පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 04
171
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
369
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
379
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
දැරියන් 18කට අතවර කළැයි පාලිකාවගේ සැමියා අත්අඩංගුවට
prasad Wednesday, 26 July 2017 01:11 AM
මිනිස්සු මෙහෙම නරුම වැඩ කරන්න ලැජ්ජාවක් බයක් නැත්තේ ඇයි?දැන්ම අල්ලගත්ත නිසා හොඳයි.තව කලක් ප්‍රමාද වුණා නම් ඔය ළමා නිවාසෙට ළමයි බෝවෙන එකයි වෙන්නේ.
suranga Wednesday, 26 July 2017 02:38 AM
හාමුධුරුවනේ මෙව්වට කිසිම කෑ ගැසිල්ලක් හෝ පාරට බහෙන්නේ නැද්ද?
sahanWednesday, 26 July 2017 07:56 AM
කොහේ විරුද්ධ වෙන්නද සුරංග, එයාලත් කරන්නේ ඔය වගේ වැඩමනේ....
Helaya Wednesday, 26 July 2017 04:27 AM
සුරංග, ඔබට ඊට විරුද්ධව එලියට බහින්න කොන්දක් නැද්ද?
sahanWednesday, 26 July 2017 07:54 AM
හෙළයත්, හැන්දෑවට පන්සල පැත්තේ යන කොලුවෙක් වගේ...
sahan Wednesday, 26 July 2017 09:41 AM
මෙච්චර අපරාදයක් කරන කන් මේ කාන්තාව මොනවා කළාද? මේ කාන්තාවත් ඇරෙස්ට් කරන්න ඕනෑ.. අරාබියේ දඬුවම් දෙන්න ඕනෑ මේවාට...
arschfikaa Saturday, 29 July 2017 03:33 PM
ඔව්, රංග කියන එකමයි මමත් කියන්න හිටියේ... ඊට පස්සේ ලියල තියෙන සහනුත් ඒකමයි කිව්වේ...