රොමේෂ් මධුෂංඛ
වව්නියාව, සෙට්ටිකුලම තට්ටාන්කුලම ප්‍රදේශයේදී ජලය පානය කිරීමට පැමිණි ගවයින්ට වස මිශ්‍ර කර ජලය ලබාදීමෙන් ගවයින් සිව්දෙනෙකු මිය ගොස් ඇති බවට සෙට්ටිකුලම් පොලීසිය පවසයි.
සෙට්ටිකුලම පොලිසිය පැවසූවේ ගවයින් සිව් දෙනෙකු ඊයේ(30) සවස සෙට්ටිකුලම තට්ටාන්කුලම ප්‍රදේශයේ දී මරණයට පත්ව සිටි බවත් අදාළ සිදුවීම සම්බන්ධයෙන් ගවයින් ඇතුල් වු බවට සැක කෙරෙන ඉඩමක කාන්තාවකගෙන් ඇතුළු පිරිසකගෙන් ප්‍රශ්න කිරීම සිදු කරන බවයි.
නමුත් ප්‍රදේශවාසීන් වැඩිදුරටත් පැවසූවේ අදාළ සැක සහිත කාන්තාවකගේ වගා ඉඩම වෙත පැමිණි ගවයින් රංචුවක් වෙත එලෙස විෂ මිශ්‍රකර ජලය ලබාදි ඇති බවයි.
වස මිශ්‍ර ජලය පානය කිරීම හේතුවෙන් ගවයින් සිව් දෙනෙකු මිය ගොස් ඇති අතර ගව රංචුවේ අනෙක් ගවයින් වෛද්‍ය ප්‍රතිකාර හමුවේ බේරා ගැනීමට හැකි වී ඇත.


COMMENTS
කරුණාකරලා ඔය සතුන් ඉක්මණට වල දමන්න. වෙනත් සතුන් සහ පක්ෂීන් කෑවොත් ඔවුන් මිය යාවි!!!.
මේ කල අපරාදයට හෙන හතම වදින්න ඕනේ...
අහෝ!!! කාලකන්නි කතක්... තමයි
කොයි ලොව යන්නේ මරණින් පස්සේ පින් පව් එනවා අපි පසු පස්සේ ..
මොන අපායට යන්නද මෙයා කල් තියාම ලක ලැහැස්ති කරගෙන තියෙන්නේ.
අනේ මෙහෙම පව් කාරකමක්. පව් අහිංසක සත්තු වගා ඉඩමට එන එක වරදක් කියලා ඒ සත්තු දන්නවානම කවදාවත් වගා ඉඩමට එන එකක් නැහැ. මිනිස්සු කියන්නේ සත්තුන්ට වඩා වැඩුණු බුද්ධියක් තියෙන කොට්ටාශයක් නේද.