සිය දියණිය ඝාතනය කර කලා ඔයට විසි කළ බවට පාපොච්චාරණය කළ පුත්තලම නීලබැම්ම ප්‍රදේශයේ මව අද (04) අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
සාලියවැව , නීලබැම්ම ඕලුමඩුව ප්‍රදේශයේ දී ඉකුත් 30 වැනිදා අතුරුදන් වූ බව කියන මෙම දැරිය සොයා දින තුනක් නාවික හමුදා කිමිදුන්කරුවන්ගේ සහාය ඇතිව පොලීසිය,ගම්වාසීහු එක්ව මෙහෙයුම් කටයුතු සිදු කළහ.
මෙසේ අතුරුදන්ව ඇත්තේ ඩබ්ලිව්.ජී.තෙනරි තිසාරා නැමැති සිව් හැවිරිදි දැරියකි.
ඉකුත් 30 වැනිදා සිය මව සමඟ නිවසේ සිටියදී අතුරුදන් වු බවට ලැබුණු පැමිණිල්ලක් මත දැරිය සෙවීමේ කටයුතු අරඹා තිබිණි.
සිය දියණිය පිළිබඳව මව විටින් විට සැක මතුවන අයුරින් පරස්පර විරෝධි කතා පොලීසියට පවසා තිබු අතර ඒ පිළිබඳව සැක සිතූ පොලීසිය මවගෙන් දිගින් දිගටම ප්‍රශ්න කිරීම් සිදු කර තිබේ.
අනතුරුව හෙළි වු කරුණු මත නිවසට මීටර් 300 ක් පමණ දුරින් වු කලා ඔයෙහි දැරිය සෙවීමේ කටයුතු අරඹා තිබු අතර මේ වන විට දැරිය ඝාතනය කර කලා ඔයට විසී කර දැමු බවට දැරියගේ මව විසින් පාපොච්චාරණයක් කර ඇත. ඒ අනුව මව අත්අඩංගුවට ගත් බව පොලීසිය ස ඳහන් කරයි.
(36698)
COMMENTS
තමන්ගේ රත්තරන් දූ පැටියව මරා දමන්න තරම් අම්මෙක් දරුණු වුනේ කෙසේද? අම්මාවරුනේ… අම්මාවරුනේ… සම්මා සම්බුදු අම්මාවරුනේ... දරුවන්ගේ දුක් කඳුළු දකින දා සුර ලොව සිට අත පා... ඒ කඳුළැලි පිසිනා... නන්දා මලානි මහත්මියගේ හැඟුම්බර ගීතය මෙම අම්මට ශ්‍රවණය කිරීමට හැකිවේවා!!
මානසික ලෙඩෙක් නැත්තම් මෙහෙම පවක් මොන හිතකින් කරයිද.
තම ජීවන රටාව මුහුණ දුන් කටුක අත් දැකීම් නිසා දෙමාපියන් දරුවන්ට සිහිවිකල්වී මෙන් පහර දෙන අවස්ථා ඇත.
නූගත්කම , පරිසරයේ විෂමතාවය , දුප්පත්කම , සංවේදී සිතින් තොර වීම වගේ දේවල් විය හැකියි නොවේද ? මෙවැනි දේවල් ,අහන්නත් ,දකින්නත් අපි පව් කරලා කියලයි මට නම් හිතෙන්නේ .
තරඟෙට බණ කියන එක දැන්වත් නවත්තන්න. ප්‍රයෝජනයක් වෙලා තියෙනවද? මා සිටින යුරෝපයේ සමාජය ලංකාවට වඩා ගොඩාක් දියුණු සහ ගුණවත් වුනේ බණ අහලා නෙවෙයි.
තුෂා - සහතික ඇත්ත. අපි නම් මහාම මහා පව්කාරයෝ. අපේ දෙමාපියන් මිය පරලොව ගිහින්. නමුත් ඒ අය තරම් අපි පින් කරලා නැහැ. ඒ අය මේවගේ ඛේදවාචක අහන්න, දකින්න කලින් මෙලොවින් සමුගත්තා. ගෙදර කාටවත්ම කාලය නැහැ. යන්ත්‍ර වගේ ජීවන රටාවක් සමග අපි හැල්ලුවේ දුවනවා. හොඳ මොකක්ද? නරක මොකක්ද? කියන එක නොදැන හිත්පිත් නැති රොබෝවරු වෙලා. අදට වඩා හෙට හොඳින් ඉන්න කියලා අපේ වටිනා කාලය මුදල් සොයමින් වල්මත් වෙලා. ජීවිතේ අනිත්‍යයයි. ඒ ටික තේරුම් නොගෙන ඔහේ ඉබාගාතේ සිහිනවල ඇවිදිනවා. ලියන්න නම් ඕනේ තරම් කරුණු කාරනා තියෙනවා. නමුත් තේරුම් ගැනීම හා ගන්වන්න අපේ වචනයෙන් කිව්වොත් සෑහෙන්න බොන්න වෙන ප්‍රශ්නයක්. මෙවන් ඛේදවාචක ගැන මම මීට ප්‍රථමත් ලියලා තියෙනවා.
මිලානෝ නගරයේ අනුන්ගේ බැලමෙහෙවර කරගෙන ජීවත්වන අයට රට දැය සමය ගැන කැක්කුමක් කොයින්ද?
දැන් දැන් සිදුවන අපරාධ වන අාකාරයට මට නම් පැහැදිලි වන්නේ බහුතරයක් මිනිසුන් මානසිකව අයහපත් තත්වයන්ට පත්වීගෙන එන බවයි