IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


දුම්රිය සේවක වැටුප් විෂමතා ඉවත් කිරීම සම්බන්ධ කැබිනට් රැස්වීමේදී උණුසුම් මත ගැටුමක්

(අජන්ත කුමාර අගලකඩ)

දුමිරිය සේවක වැටුප් විෂමතා ඉවත් කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් කළ විශේෂ කැබිනට් පත්‍රිකාවක් හේතුවෙන් අද (31) පැවැති කැබිනට් රැස්වීමේදී ඇමතිවරුන් වන ආචාර්ය සරත් අමුණුගම,දොස්තර රාජිත සේනාරත්න යන මහත්වරුන් සහ මුදල් ඇමැති මංගල සමරවීර මහතා අතර උණුසුම් මත ගැටුමක් ඇතිවූ බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

දුම්රිය සේවක වැටුප් විෂමතා ඉවත් කිරීම සඳහා අචාර්ය සරත් අමුණුගම මහතා විසින් මෙම විශේෂ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබූ අතර මංගල සමරවීර ඇමැතිවරයා ඊට දැඩි විරෝධය පළකිරීම හේතුවෙන් මෙම උණුසුම් මත ගැටුම ඇතිවූ බව එම ආරංචි මාර්ග වලින් පැවසේ .

සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතාද අමුණුගම ඇමැතිවරයාගේ අදහස් අනුමත කරමින් කැබිනට් පත්‍රිකාවට සහය දක්වමින් අදහස් දක්වා ඇතැයි පැවසේ.

දුම්රිය සේවක වැටුප් විෂමතා ඉවත් කිරීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය මීට පෙර සරත් අමුණුගම ඇමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කර තිබූ අතර  එම කමිටුවේ නිර්දේශ මත මෙම විශේෂ කැබිවට් පත්‍රිකාව අද  ඉදිරිපත් කර තිබිණි.

එහිදී අදහස් දක්වා ඇති මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා දුම්රිය සේවයේ වැටුප් විෂමතා ඉවත් කිරීම යැයි කියමින් මෙවැනි විශේෂ කැබිනට් පත්‍රිකා ඉදිරිපත් කිරීම හේතුවෙන් අනෙකුත් විකුණුම් වලද ප්‍රශ්න මතු විය හැකි බව පවසා ඇත.

එබැවින් මෙම යෝජනාවට කිසිසේත් එකඟවිය නොහැකි බව මංගල සමරවීර ඇමැතිවරයා ප්‍රකාශ කර ඇති අතර ඊට පිළිතුරු දී ඇති ආචාර්ය සරත් අමුණුගම ඇමැතිවරයා මෙම සාකච්ඡාවලට මුදල් අමාත්‍යාංයේ හා මහා භාණ්ඩාගාරයේ නිලධාරීන්ද සහභාගි වූ බවත් එම කමිටුවලද එකඟ වී දැන් විරුද්ධ විය නොහැකි බවත් පවසා ඇත.

මේ අතර දොස්තර රාජිත සේනාරත්න ඇමැතිවරයාද එම කතාබහට එක්වෙමින් දුම්රිය වෘත්තීය සමිතවලට දැන් පොරොන්දුව කඩ කළ නොහැකි බව පවසා ඇතැයි වාර්තා වේ.

දුම්රිය සේවක වැටුප් විෂමතා ඉවත් කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් වූ කැබිනට් පත්‍රිකාවට සහය පළකරමින් අමුණුගම සහ රාජිත සේනාරත්න යන ඇමැතිවරුන් දෙදෙනා දිගින් දිගටම අදහස් දක්වා ඇති අතර තමා ඊට කිසිසේත් එකඟ නොවන බවට මංගල සමරවීර ඇමැතිවරයා දිගින් දිගටම පවසා ඇත.

මංගල සමරවීර ඇමැතිවරයා විරෝධය පළ කළද අදාළ කැබිනට් පත්‍රිකාව කැබිනට් රැසවීමේදී අනුමත වී ඇතැයිද රජයේ ආරංචි මාර්ග කියයි.



අදහස් (3)

දුම්රිය සේවක වැටුප් විෂමතා ඉවත් කිරීම සම්බන්ධ කැබිනට් රැස්වීමේදී උණුසුම් මත ගැටුමක්

nasrudin Tuesday, 31 July 2018 05:37 PM

මේ රටේ අහිංසක සේවකයන්ට සොච්චමක් වැඩිකරන්න හදන කොට තමයි මේ අමන දේසපාලකයන්ට එක මතයකට එන්න බැරි. ලක්ෂෙන් බැඳී පියල්ලෙන් වැඩි කර ගන්න කොට තමයි හිරිකිතයක් නැතිවම සහ සුද්දෙන් එක පයින්හිට ගෙන ඔක්කොම මේ රටේ බදු ගෙවන අයගේ සල්ලිවලට වැඩේ දෙන්නේ.

:       0       0

sarath perera Wednesday, 01 August 2018 03:04 AM

කමක් නැහැ වැඩි කරන්න.අනෙක් රජයේ සේවක ව්ෂමතා ඒ ගමන්ම විසදන්න.අපිත් බලාගෙන ඉන්නවා.....

:       2       52

lanka Wednesday, 01 August 2018 07:13 AM

මේ අයගේ වැටුප් වැඩිකරනවා හැර දුම්රිය සේවය නගා සිටුවන්න යෝජනා ඔය ඇමතිලා ලඟ නැතිද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 30535 31


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 12546 8

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10906 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 789 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 242 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 888 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site