(රංජන් කස්තුරි)
දුම්රිය සේවකයින්ට පමණක් වැටුප් වැඩිවීමක් ලබාදිය නොහැකි යැයි මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා කොළඹ මුදල් අමාත්‍යංශයේ අද (20) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී නැවත වතාවක් ප්‍රකාශ කළේය.
එක් කණ්ඩායමකට පමණක් වැටුප් වැඩිවීමක් ලබාදීමෙන් තවත් කණ්ඩායම් ගණනාවකට විෂමතා ඇතිවන බවද එම නිසා එය කළ නොහැකි බවද එහිදී මංගල සමරවීර මහතා කීය.
දුම්රිය සේවකයින්ට වැටුප් වැඩිවීමක් ලබාදීමට ජනාධිපතිවරයා එකඟතාව පළකර ඇති බවට වාර්තා පළවන අතර එලෙස වැටුප් වැඩිවීමක් ලබැදෙන්නැයි ජනමාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා එසේ කීය.
COMMENTS
ඒක හරි. නැත්නම් වෙන්නේ වර්ජන කරන්න හයිය තියෙන අයට විතරක් පඩි වැඩිවෙන එකයි. හැමෝටම එකම විදියට සලකන්න ඕනෑ.
හොදම දේ තමයි දුම්රිය දෙපාර්තමේන්තුව සංස්ථාවක් කරන එක. එවිට ඔවුන්ට මහජන මුදල්වලට බරක් නොවී තමන් විසින්ම අදායම් උපයා කැමති වැටුප් වැඩිවීමක් ලබාගැනීමට පුළුවන්.
සත පහක් වැඩි කරන්න එපා
එහෙනම් ඉතින් නැවතත් වැඩ වර්ජනයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. දුම්රිය වෘත්තිය සමිති වලට තියෙන්නේ පොරොන්දු වෙච්ච, දෙනවා කියලා ඉටු කරනකන් දුම්රිය ධාවනය සම්පුර්ණයෙන් නතර කරන එක තමා. සාමාන්‍ය ජනතාව විදියට අපිට ලොකු අපහසුතාවයකට මුහුණ දෙන්න උනත් යුක්තිය වෙනුවෙන් දැනෙන ක්‍රියා මාර්ග ගන්න ඕනෙ.