අමල් වික්‍රමරත්න
දුම්රිය වාර ප්‍රවේශ පත්‍රය හිමි මගීන්ට දුම්රිය වර්ජනය අවසන් වනතුරු ජාතික ගමනා ගමන මණ්ඩලයට අයත් බස්රථ වල නොමිලේ ගමන්කිරීමට අවස්ථාව ලබාදී ඇති බව ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති රමාල් සිරිවර්ධන මහතා පැවසීය.
ගමනා ගමන මණ්ඩලයේ සියලුම ඩිපෝ වෙත මේ පිලිබඳව දැනුම් දී ඇතැයිද හැකි උපරිම ආකාරයට කොළඹ බලා ඒමට සහ යාමට අවශ්‍ය බස් රථ සංඛ්‍යාව වැඩි කිරීමට උපදෙස් ලබා දුන් බවද එහි ධාවන අංශයේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරි ටී.එච්.ආර්.ටී.චන්ද්‍රසිරි මහතා පැවසීය.
COMMENTS
මට කොච්චි වාර ප්‍රවේශ පත්‍ර තියෙනවා අද උදේ ගමනාගමන මණ්ඩලයේ අලුත්ගම සිට නාරාහේන්පිට බලා යන බසයට ගොඩ උනෙමි කොන්දොස්තර මහතාට කාරණය පැහැදිලි කරද පලක් නොවුනි. ට්කට් ගන්නට බෙරිනම් බස් එකෙන් බහින්න කියා ශබ්ද නගා බසය හෙල්ලූ ඔහු බසය නවතා අනෙක් අයටත් බසයෙන් බහින ලෙස අණ කළේය. ඉන්පසු ඩිපෝ එකට කෝල් කල ඔහු එහෙම දෙයක් දන්වා නැති බව පවසා හැමෝගෙන්ම ටිකට් වලට සල්ලි ගත්තේය. බස් නො NC 0395 අලුත්ගම නාරාහේන්පිට බලදරයනි ඔබගේ අවදානය මේ සඳහා යොදවන්න ටිකට් පත ම සතුව ඇත
අද උදේ නුවර සිට කොළඔ දිවෙන ලංගම බසයකට ගොඩ වූ මා ද දුම්රිය වාර ප්‍රවේශ පතෙන් යාමට අවසර ඇත්දැයි විමසා සිටි විට මට ද ලැබුනේ නොසිතූ පිළිතුරකි. අවසන රු. 152.00 ගෙවා ප්‍රවේශ පතක් මිළ දී ගෙන ගමන් කිරීමට මට ද මා පුද්ගලිකව දන්නා බොහෝ දෙනෙකුට ද සිදු විය. යටිනුවර ඩිපෝවට අයත් අංක NC - 1516 දරණ බස් රථයෙන් නිකුත් කරන ලද ටිකට් පත මා සතුව තවමත් ඇත.