(මහින්ද නිශ්ශංක)
දුම්රිය වර්ජනය අත්හිටුවීමට තීරණය කළ බව දුම්රිය වෘත්තීය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු එන්.ජේ.රොබට් මහතා පැවසීය.
ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමැති අර්ජුන රණතුංග මහතා සමඟ ඇති කරගත් එකඟතාවයක් අනුව අද (4) සවස 4.00 ට වර්ජනය අවසන් කළ බව ඒ මහතා කීය.
දුම්රිය ශ්‍රේණිගත හා දේශපාලන වෘත්තීය සමිති ඊයේ (3) මධ්‍යම රාත්‍රීයෙන් මෙම වර්ජනය ආරම්භ කළේය.
අද (4) රාත්‍රී ධාවනය කිරිමට නියමිත තැපැල් දුම්රියන් හැකිතාක් ධාවනය කිරීමට කටයුතු කරන බවත් රොබට් මහතා සඳහන් කළේය.
රාජකාරි වේලාවේදී මත්පැන් පානය කිරිම සම්බන්ධව වැඩ තහනම් කළ දුම්රිය වෘත්තීය සමිති ලේකම්වරයකු යළි සේවයේ පිහිටුවන ලෙස සිදුකළ දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාට බලපෑම් කිරිමට විරෝධය දක්වා වර්ජනය ක්‍රියාත්මක කෙරිණි.
එම වෘත්තීය සමිති ලේකම්වරයා සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගන්නා බවත් තනතුරෙන් ඉවත් වූ දුම්රිය සාමාන්‍යාධිකාරි ඩිලන්ත ප්‍රනාන්දු මහතා යළි සේවයේ පිහිටුවන බවට ඇමැතිවරයා එකඟතාවය පළ කිරීමත් සමඟ වර්ජනය නතර කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැබැයි ඊළඟ වර්ජනය කොයි වෙලාවේද දන්නේ නැහැ...
රාජකාරි වේලාවේදී මත්පැන් පානය කිරිම සම්පූර්ණයෙන්ම වැරදි වැඩක්... දැන් එතකොට වරදක් කළාම එ්කට දඬුවමක් දෙන්න බැහැනේ... strick කරලා වැරදි කරපු එකාව අපහු සේවයේ පිහිටුවනවා.. මරේ මරු ලංකාව...
රාජකාරි වෙලාවේ බීමත්ව සිටි පුද්ගලයාට පමණක් නොව දුම්රිය සාමාන්‍යාධිකාරිට බලපෑම්කල ලේකම්වරයාට විරුද්ධවත් විනය පියවර ගතයුතුයි...