(මහින්ද නිශ්ශංඛ)
අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය රියදුරන් වැඩ වර්ජනයක නිරත වන බව ලෙකොමොටිව් ඔපරේටර්ස් ඉන්ජිනියර්ස් රියදුරු සංගමයේ සභාපති ඩී සී පී පරණවිතාන මහතා කියයි.
දුම්රිය රියදුරු සහයකයන් බඳවා ගැනීමේ කාර්ය පටිපාටියේ ගැටළුවක් මුල් කර ගනිමින් මෙම වැඩ වර්ජනය සිදු කරන බව ද ඔහු පවසයි.
මේ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය උපදේශක දඩල්ලගේ මහතා සමඟ අද සවස පැවැති සාකච්ඡාව ද අසාර්ථක වී තිබේ.
මෙම වැඩ වර්ජනයට තම සහයෝගය ලබා දෙන බව දුම්රිය නියාමකවරුන්ගේ සංගමය කියයි.
COMMENTS
දුම්රිය අර්ධ පුද්ගලික ආයතනයක් බවට පත් කරමු. අලුතින් දුම්රිය රියදුරු ඇතළු අනෙකුත් අය සඳහා පුහුණු පාසලක් පටන් ගනිමු.
මේවා ඕනෑම රජයක් යටතේ 50 / 50 පෞද්ගලික විය යුතු අතර පරිපාලනය 60%ක් පෞද්ගලික විය යුතුයි. දුම්රිය මීට වඩා කාර්යක්ෂම කල යුතු අතර අදායම් වැඩි කර ගත යුතුයි.
මේ වෙන දේවල් සහ වෙන හැටි දැක්කාම මට නම් හිතෙනවා මේවා පුද්ගලීකරණය වුනත් කමක් නැහැ කියලා.
විපුල කියන කෙනාගේ අදහසෙන්ම තේරෙනවා, එයාත් ආණ්ඩුවේම ජොබ් එකක් නියමෙට නොකරන කෙනෙක් කියලා, මෙරටේ ආණ්ඩුවට ගත්තු හැම ආයතනයක්ම, සමාගමක්ම බංකොලොත්වෙලා ගිහින් අන්තිමේදී සමාධිවුනා, නමුත් අපේ ලංකාවේ අයට ඕනවෙලා තියෙන්නේ, හැම දෙයක්ම ආණ්ඩුවට ගැනීමටය, තැපැල්, දුම්රිය, දුරකථන, රක්ෂණ සහ තවත් බොහෝ ආයතනවල් දැනට අවුරුදු 40කට වඩා කාලයක ඉඳන්ම පුද්ගලිකයි. ආණ්ඩුවට බදු ගෙවනවා, කෝටිගණන් ලාබත් ලබනවා.