ක.ග කරුණාරත්න
කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වෙමින් තිබූ මීනගයා නගරාන්තර සිඝ්‍රගාමී දුම්රියේ ගමන් ගනිමින් සිටි ගැබිණි මවක අද (7) අලුයම දුම්රිය මැදිරිය තුළදීම දරුවකු බිහි කර ඇතැයි හබරණ පොලිසිය කියයි.
දුම්රියේ ගමන් ගනිමින් සිටින ගර්භණී කාන්තාවක සිය දරුවා බිහි කිරීමට ආසන්නයේ පවතින බව දුම්රිය නිලධාරීන් විසින් හබරණ පොලිසියට දැනුම්දී තිබේ.
වහාම ක්‍රියාත්මක වු හබරණ පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පී.යූ.ඩබ්ලිව්.ඒ පිටිගල මහතා හබරණ රෝහලට මේ බව දැනුම් දී පවුල් සෞඛ්‍යය නිලධාරිනියක ඇතුළු සෞඛ්‍යය කාර්ය මණ්ඩලයක්ද සමඟ දුම්රිය නවතා තිබූ හබරණ දුම්රිය ස්ථානය වෙත යන අවස්ථාවේ ඒ වනවිටත් එම කාන්තාව දරුවා බිහි කරමින් සිටින බව කියයි.
පසුව පවුල් සෞඛ්‍ය නිලධාරිනිය විසින් දුම්රිය මැදිරිය තුළදීම අවශ්‍ය මූලික සෞඛ්‍යය සේවාවන් ලබාදී මවත් දරුවාත් හබරණ රෝහලට ඇතුළත් කිරීමට පියවරගෙන ඇත.
මේ වනවිට එම මවත් දරුවාත් නිරෝගී සුවයෙන් පසුවන බවද රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
COMMENTS
මේ විදිහට සෑම කටයුත්තක්ම සහයෝගයෙන් හා හොද සම්බන්දතාවයකින් කරනවා නම් කොච්චර ලස්සන ද ? සියලු දෙනාටම ගොඩක් ස්තූතීයි.
හරිම සතුටු දායක පුවතක්. දරුවාටත් මවටත් නිරෝගී සුවය පතමු . දුම්රිය කාර්ය මණ්ඩලයට , හබරණ පොලිසියටත් ,සෞඛ්‍ය නිලධාරිනිය ඇතුළු කාර්ය මණ්ඩලයටත් අපගේ ප්‍රණාමය පුදමූ.
සියලුම දෙනාට ම මගේ ප්‍රණාමය...
පොලිසිය හොද වැඩ කරනවා එහෙනම් නේද , පොලිස් පරීක්ෂක පී.යූ.ඩබ්ලිව්.ඒ පිටිගල මහතාට සුබ පැතුම්.!
වෙලාවට අපේ තෙවරප්පෙරුම ඇමතිතුමා හබරණ පැත්තේ ගිහින් නැත්තෙ.
ඔබ සැමට අපගේ ප්‍රණාමය.. විශේෂයෙන් ශ්‍රී ලංකාවේ පවුල් සෞඛ්‍ය සේවිකාවන්ගේ සේවය කවදත් විශිෂ්ටයි. ඔවුන් ගම් නියම් ගම් සිසාරා සෑම නිවසකටම ගොඩවී සෑම මවකට මෙන්ම දරුවෙකුටම අවැසි උපදෙස් සහ හෙද සහය ලබා දෙනවා. එම ගෞරවය ඔවුනට ලබාදිය යුතුයි.
අගය කල යුතු කටයුත්තක්. විශේෂයෙන්ම රාජ්‍ය සේවකයන්ට හොද ආදර්ශයක් ආයතන තුනක් එක්වී හදිසි අවස්තාවකදී ක්‍රියා කලයුතු ආකාරය ඉතාමත්ම නිවැරදිව හා බුද්දීමත්ව තීරණය කර වටිනා ජීවත දෙකක් බේරා ගැනීම. මේ කාර්යට සම්බන්ධ අනික් පිරිසගේ නම්ද මෙම පුවතත් සමග පල කළා නම් ඉතා අගනේය.
කෝච්චියේ ඉපදිච්ච නිසා පොඩි එකා හැමදාම ස්ට්‍රයික් කරාවිද දන්නේ නැහැ.
ඇත්තෙන්ම හිතට සතුටක් දැනුණු පුවතක්.මේ පුණ්‍ය කර්මයට දායකවූ රජයේ නිලදාරීන් ඇතුළු සියලු දෙනාටම අප අවංකව ස්තුති වන්ත වන්නෙමු.එමෙන්ම මේ මව සහ දරුවාට නිදුක් නිරෝගී වේවා යන්න අපගේ ප්‍රාර්ථනාවයි.!!!!