(විනීතා එම් ගමගේ)
දුම්රිය දෙපාර්තමේන්තුව අර්ධ රාජ්‍ය ආයතනයක් ලෙස පවත්වාගෙන යාමට ඉදිරිපත්වී ඇති කමිටු නිර්දේශ ඉදිරි දෙසතිය ඇතුළත ඉවත් කර ගැනීමට ආණ්ඩුව ක්‍රියා නොකළහොත් ආණ්ඩුවටත් පාලකමණ්ඩල යෝජනාවටත් එරෙහිව දැඩි වෘත්තිය ක‍්‍රියාමාර්ගයකට එළැඹෙන බව දුම්රිය වෘත්තිය සමිති සන්ධානය පවසයි.
අධිකාරියක් බවට දුම්රිය සේවාව පත් කිරීමේ යෝජනාව වෙනුවට එම සේවාව නගා සිටුවීමට සැබෑ වැඩපිළිවෙළක් ගෙන එන්නේ නම් වෘත්තිය සමිතිවල පූර්ණ සහය දෙන බව ද එම සන්ධානය කියයි.
දුම්රිය සේවාව පිළිබඳ මෙවැනි යෝජනාවක් 2003 වසරේ ගෙන ආ බවත් එහි ප‍්‍රතිඵලය වූයේ එවකට පැවැති රජයට ගෙදර යාමට සිදුවීම බවත් මරදාන දුම්රිය සේවක සංගම් කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් දුම්රිය වෘත්තිය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු එස් පී විතානගේ මහතා ප‍්‍රකාශ කළේය.
සරත් අමුණුගම අමාත්‍යවරයා විසින් පත් කරන ලද කමිටුවකින් මෙසේ දුම්රිය දෙපාර්තමේන්තුව අර්ධ රාජ්‍ය ආයතනයක් බවට පත් කරන යෝජනාව ගෙනැවිත් ඇතැයි ද එම කමිටුව පත් කරන ලද්දේ දුම්රිය වෘත්තිය සමිති ඉල්ලීමක් වන වැටුප් තල කිහිපයක් ලබාදිය හැකිද යන්න පිළිබඳ සොයා බැලීම සඳහා වුවත් ඔවුන් කර ඇත්තේ භාර දුන් කටයුත්ත නොවන බව ද විතානගේ මහතා කීය.
අදාල නැති කටයුත්තක් කළ එම කමිටුවේ වාර්තාව හෝ නිර්දේශ නීත්‍යානුකූල නොවන බව පෙන්වා දුන් විතානගේ මහතා එබැවින් කිසිසේත්ම නීත්‍යානුකූල නොවන නිර්දේශයක් ආණ්ඩුව කි‍්‍රයාත්මක කළ යුතු නැතැයි ද පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය වෘත්තීය සමිති ලොක්කෝ ගෝඨාභය මහත්තයා ජනාධිපති වුණාම අකුලාගනියි.
දුම්රිය සේවය දෙපාර්තුමේන්තුවක් වශයෙන් පවත්වා ගනිමින් කාර්යක්ෂම හා ලාබදායි ලෙස පවත්වාගෙන යාමේ වගකීම රජය සතුවන අතර වරාය විදුලිය ජලය හා ටෙලිකොම් වැනි අර්ධ රාජ්‍ය ආයතන සේවකයන්ට දෙන ඉහළ වැටුප් හා බෝනස් වැනි දීමනා දුම්රිය සේවකයන්ට ලබා දෙමින් දුම්රිය සේවය පවත්වා ගැනීම දුෂ්කර කාර්යයක් වනු ඇති අතර දුම්රිය සේවයේ එකම ආදායම් මාර්ගය වන ප්‍රවේශ පත් ගාස්තුව ඉහළ දැමීමෙන් දුම්රිය සේවය කඩා වැටෙනු ඇත.
දුම්රිය පුද්ගලීකරණය කරනවට රටේ මිනිසුන්ගෙන් 99% ක් කැමැතියි.
මේ ආණ්ඩුව කොහොමත් මේ පාර ගෙදර යන එකේ ඕක කරලම ගියානම් ඉවරයි.
අනිවාර්යෙන්ම ප්‍රවාහන සේවය අර්ධ රාජ්‍ය කරන ඕනේ රටේ පින් පඩි ගන්න අය එළවා දැමිය යුතුමයි.
කාලීන අවශ්‍යතාවයක්... දුම්රිය අර්ධ රාජ්‍ය වියයුතුය.
බලන්න කොට්ටාව-කොළොඹ පුද්ගලික අංශයටත් දුම්රිය දුවන්න ඉඩ දෙන්න.මිනිත්තු 5 න් 5 ට දුම්රිය දුවල මගදිත් පටවයි.හයි ලෙවල් පාරේ තද බදය හොයන්න බැරි වෙයි.
පුර්ණ පුද්ගලික කරණයට ලක්විය යුතු අායතනයක් . මහජන මුදල් කාබාසිනියාව නවතියි. ලංකාෙව් රාජ්‍ය අායතන අතරින් ෙමෙලා්ම වැඩක් නැති සුදු අලිෙයක්.
එකෙන්ම කැමතියි ..
මම නම් දුම්රිය අර්ධ රාජ්‍ය ආයතනයක් කරනවට විරුද්ධයි. ඒකෙන් වෙන්නේ දැනුත් රාජ්‍ය සංස්ථා සුදු අලි බවට පත්වෙලා ඉන්න එකේ දැනට මත් සුදු අලියෙක් වෙලා ඉන්න දුම්රිය දරුණුම සද්දන්ත සුදු අලියෙක් වීම පමණයි. දීල දාන්න ඕකත් පුද්ගලික අංශයට. දීල රජයෙන් නියම කරන්න ප්‍රවේශ පත්‍ර ගාස්තු ආදිය.