(එෆ්.අස්ලම්)
කොලඹ කොටුව සිට තලෙයි මන්නාරම බලා ධාවනය වූ දුම්රියට ගල්ගැසූ බව කියන 15 හැවිරිදි සිසුවෙකු මන්නාරම පේසාලෙයි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
කරිසලෙයි - ඕට්ටුතුඩුවායි දුම්රිය ස්ථාන අතර පිහිටි(කි.මී 317 -18 කණු අතර) පුදුකුඩි ඉරිප්පු නිවාස සංකීර්ණය අසලදී මෙම ගල්ප්‍රහාරය එල්ල කර ඇති අතර ප්‍රහාරයෙන් දුම්රිය එන්ජිමේ දකුණු පස වීදුරුව බිදීගොස් දුම්රිය රියදුරු සහායකයාටද තුවාල සිදුකර තිබේ.
මේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන ලද මූලික පරීක්ෂණවලට අනුව පේසාලෙයි ප්‍රදේශයේ පදිංචි මෙම සිසුවා සැකපිට පේසාලෙයි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර මන්නාරම මූලස්ථාන පොලිසිය වෙත අද බාරකිරීමට නියමිතය.
ගල්ගැසීමෙන් දුම්රියේ දකුණු පස එන්ජිමේ වීදුරුවක් බිදීගොස් වීදුරු කැබැල්ලක් වැදීමෙන් ලයනල් පෝල් ඩේවිඩ් නැමති දුම්රිය සහායකවරයාට සුළු තුවාල සිදුවී ඇති බවද පොලිසිය පවසයි.
වන්නි දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්,මන්නාරම කොට්ඨාස බාර පොලිස් අධිකාරී එච්.එල්.පීරිස්,සහකාර පොලිස් අධිකාරී නිශාන්ත සිල්වා යන මහත්වරුන්ගේ උපදෙස් මත මන්නාරම මූලස්ථාන පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.
සැකකරු මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
COMMENTS
මෙහි නම සඳහන් නොකර පල කරන්නේ නම් මේ දරුවාගේ පුද්ගලිකත්වයට හානියක් නොවනු ඇත. නීතිය ඉදිරියේදී වරදකරුවකු වනතුරු පුද්ගලයන් නිර්දෝෂි ලෙස සැලකේ.
අර පහුගිය දවස්වල මගීන් වත් අපහසුතාවයට පත්කරමින් සිදුකල දුම්රිය වර්ජනය කල නිලධාරීන්ට ගල් සමගම අසුචිත් ගැසුවා නම්, තමයි වඩා හොඳ....
මෙවන් දරුවන් කුඩා කලම පුනරුත්ථාපනය කළයුතුයි. නැතහොත් මොවුන් වැඩිහිටියන් වූ පසු රටටම ශාපයක් වනු ඇත.