IMG-LOGO

2025 නොවැම්බර් මස 25 වන අඟහරුවාදා


දුම්බර ඉඩම් කොල්ලයට එරෙහිව මානව හිමිකම් පැමිණිල්ලක්

තරිඳු ජයවර්ධන
 
නකල්ස් රක්ෂිතයට අයත් ඉඩම් නීති විරෝධී ලෙස බදු දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරිසර හා සොබා දහම් අධ්‍යයන මධ්‍යස්ථානය   අද ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් කළේය.
 

2007 ජූලි 23 වන දින අංක 1507/9 දරන ගැසට් නිවේදනය යටතේ නකල්ස් පාරිසරික ආරක්ෂිත ප්‍රදේශයක් ලෙස නම් කර ඇති බවත් එහි ඉඩම් බදු දෙමින් සිටින බවත් සඳහන් කරමින් ගොනු කළ එම පැමිණිල්ලේ වගඋත්තරකරුවන් ලෙස මධ්‍යම පරිසර අධිකාරිය, පරිසර අමාත්‍යංශය, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ රාජ්‍ය වැවිලි සංස්ථාව ඇතුළු ආයතන කිහිපයක් නම් කර තිබේ.
 
පරිසර හා සොබා දහම් අධ්‍යන මධ්‍යස්ථානයේ පරිසරවේදියකු වන ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් සහ නීතීඥ ජයන්ත දෙහිඅත්තගේ මහතා  විසිනු කරනු කරනු ලැබූ එම පැමිණිල්ලෙන් ඉල්ලා ඇත්තේ මෙම පරිසරික විනාශය වහා නවත්වන ලෙස අදාළ අංශවලට නිර්දේශ කරන ලෙසයි.
 
මෙම අවස්ථාවට සොබා දහම් අධ්‍යයන මධ්‍යස්ථානය වෙනුවෙන් පැමිණ සිටි තරුණ පරිසර වේදිනී ශානිකා පතිරණ මෙනවයි සඳහන් කළේ දුමිබර සිදුවන ඉඩමි මංකොල්ලයෙන් එම වටිනා පරිසර පද්ධතිය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් ක්‍රියාත්මක විය යුතු රජය වගකීම් පැහැර හැරීම නිසා  තමා ඇතුළු පිරිසට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණීමට සිදුවූ බවයි. 
 
‘‘දුමිබර අඩවියේ පිහිටි රාජ්‍ය වැවිලි සංස්ථාවට අයිති ඉඩමි හා ඇල්කඩුව වැවිලි සමාගම මගින් පාලනය වන අක්කර 21,000 ක් විවිධ ව්‍යාපෘති ක්‍රීයාත්මක කිරීම සඳහා බෙදා දීලා තිබෙනවා.  රාජ්‍ය වැවිලි සංස්ථාවට අයත් නිකලෝය, අලකොලෝ,  කොටගල ,ඕපල්ගල ඇතුළු තවත් වතු ඉඩමි රාශ්‍රියකින් හෙක්ටයාර් 6192 ද ,  ඇල් කඩුව වැවිලි සමාගමට අයත් වතු ඉඩමි වලින් ද හෙක්ටයාර් වශයෙන් මුළු  ඉඩමි හෙක්යාර් 8555 ක් නැතහොත් අක්කර  21000 තිස් පස් අවුරුදු  බදු ක්‍රමයට ලබා දීලා තියෙනවා. අක්කරයකට වාර්ෂිකව රු 2857 ක මුදලකටයි මේ ඉඩම් බදු දීලා තියෙන්නේ.
 
දේශපාලනඥයින්ගේ උවමනාව මත විවිධ පුද්ගලයින්ට ඉඩම් පැවරීම තුලින් මධ්‍යම කදුකරයට මෙන්ම නකල්ස් රක්ෂිතයට විශාල තර්ජනයක් එල්ල වෙලා තියෙනවා.  2010 වසරේ යුනිස්කො සංවිධානය විසින් නකල්ස් රක්ෂිතය ලෝක උරුමයක් ලෙස නමි කරලා තියෙන්නේ මෙහි ඇති සුවිශේෂි ජෛව විවිධත්වය හා   මෙය ජල පෝෂයක් විම ඇතුළු කරුණු රැසක් පදනම් කර ගනිමිනුයි.  චන්ද්‍රිකා  බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ජනාධිපතිව සිටියදී 2004 වර්ෂයේ සිංහරාජය , දුමිබර අඩවිය වැනි වානනාන්තර යාබාදව කිලෝමිටර් භාගයක දුරින් ඇති ඉඩමි ප්‍රතිසංස්කරණ කොමිසමට අයත් ඉඩමි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පවරා ගැනීම සඳහා   කැබිනටි පත්‍රීකාවක් ඉදිරිපත් කළා.  ඊට අනුමැතිය ලැබී තිබීදීත් එය නිසි ආකාරව ක්‍රීයාත්මක නොවීම නිසා ඉතාම වටිනා වනාන්තර හා ජෛව විවිධත්වයෙන් හෙබි මෙවැනි ප්‍රදේශ දේශපාලඥයින්ගේ උවමනාව මත අද වන විට විනාශ කරමින් තිබෙනවා.‘ යැයි ශානිකා පතිරණ මෙනවිය පැවසුවාය.
 
පරිසරවේදී  දේවාලේගම පේමරතන හිමි, ගාමිණි හත්තොටුවගම වීදී නාට්‍ය කණ්ඩායම නියෝජනය කරමින් එරංග ප්‍රනාන්දු මහතා ද ඇතුළු සිවිල් සංවිධාන නියෝජනය කරමින් තවත් පිරිසක් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණ සිටියහ.

නීතීඥ ජයන්ත දෙහිඅත්තගේ

 



අදහස් (1)

දුම්බර ඉඩම් කොල්ලයට එරෙහිව මානව හිමිකම් පැමිණිල්ලක්

SRIYAL Wednesday, 23 May 2018 04:46 PM

වැඩක් වෙයිද මන්දා, ඔය කොමිසම විසින් සිදු කරන ලද දේවල් මොනවාද. බලය තිබුනත් ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ ජනතාව තුල පැහැදීමක් නෑ.

:       0       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 106 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 194 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1057 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site