IMG-LOGO

2025 සැප්තැම්බර් මස 16 වන අඟහරුවාදා


දුමින්ද එක්ක වැඩ කරන්න බැහැ - තුසිත හල්ලොලුව ඉල්ලා අස්වේ

රංජන් කස්තුරි
 
කොළඹ කොමර්ෂල් පොහොර සමාගමේ සභාපති තුසිත හල්ලොළුව මහතා අද එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
 
කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා යටතේ පවතින ආයතනයක තවදුරටත් කටයුතු කළ නොහැකි නිසා එම ධුරයෙන් ඉල්ලා අස්වීමට තීන්දු කළ බව තුසිත හල්ලොළුව මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපියෙහි සඳහන් කර තිබේ.
 
දුමින්ද දිසානායක මහතා යහපාලනයට වින කරන බලවේගවල ග්‍රහණයට හසුවී තිබෙන අතර ඔහු අගාධයෙන් ගොඩවීම වෙනුවට තව තවත් අගාධයේ පතුළ දෙසටම ගමන් කරමින් සිටින බව ද හල්ලොළුව මහතා කෘෂිකර්ම ඇමැතිවරයා වෙත යවා ඇති ඉල්ලා අස්වීමේ ලිපියේ සඳහන් කර ඇත.



අදහස් (18)

දුමින්ද එක්ක වැඩ කරන්න බැහැ - තුසිත හල්ලොලුව ඉල්ලා අස්වේ

emerson Monday, 25 September 2017 02:03 PM

තවමත් කොන්ද පණ තියෙන නිලධාරීන් ලංකාවේ ඉන්නවා...

:       57       967

NISTHAR MOHOMAD Dematagoda Monday, 25 September 2017 02:26 PM

ඔබතුම මීටකලින් විදුලි සංදේශ දෙපාර්තමේන්තුවේ හිටියාවගේ මතකය්.ඔබතුමා ගත තීරණය හරියට හරි. ඔබතුමාට ජයවේවා.

:       0       299

nimmi Monday, 25 September 2017 02:28 PM

එහෙම කරපු එක ඔබේ ඇඟට ගුනයි. නැත්නම් මෙයාගේ පව් ගෙවන්න වෙන්නේ ඔබ වැනි නිළදාරින්ට.

:       0       27

purawasiyek Monday, 25 September 2017 02:32 PM

දුමින්ද තාත්තා වගේමයි. හොඳ කොලුපැටියා.

:       14       46

Ranjith Silva Monday, 25 September 2017 02:32 PM

බැරි එකාට බැහැ තමා. පොලොව ඇදයි.

:       189       107

Raveendra Monday, 25 September 2017 03:39 PM

අපේ සීයා නිතරම අපට කියන ලද කවියක පද දෙකක් මගේ මතකයට නැගෙනවා... ලැග්ගොත් බල්ලන් සමග, හිටගන්නේ මැක්කන් සමග...

:       14       508

Chandana Fernando Monday, 25 September 2017 03:56 PM

ඇත්ත කතාකරන්නයි බිම ඉඳගන්නයි බයවෙන්න ඕනේ නෑ වගේ. කෙලින් වැඩ කරන්න බයවෙන්න එපා. වේදකරන්න දෙන්නේ නැත්තම් යමු කොන්ද කෙළින් තියාගෙන....

:       11       375

sanjeeva Monday, 25 September 2017 04:47 PM

ඔබ වැනි අය තමයි අද රටට අවශ්‍ය.. හදවතින් ම ගරු කරමි

:       0       151

Hafeel Monday, 25 September 2017 05:12 PM

දුමින්ද දූෂිතයි...ජනාධිපතිගේ දුර්වලකම නිසා තමයි මේවා වෙන්නේ.....රවි කරුණානායකගේ විදේශ අමාත්‍යංශයට ලොතරුයි මණ්ඩලය පවරා දීම ජනාධිපතිගේ ලොකු දුර්වලතාවයක්....දුමින්දගේ අමාත්‍යංශය වෙනුවෙන් හිස් ගොඩනැගිල්ලකට මාස්පතා කෝටි ගණන් බඩු ගෙනාවා...ජනාධිපති තමන්ට වැඩ කළ පලියට සුළු පිරික් වෙනුවෙන් පෙනී සිටීම වැරදියි....

:       0       306

sikkaTuesday, 26 September 2017 05:28 AM

නායකයාගේ දුර්වලතා නිසා තමයි රටම වලපල්ලට යන්නේ. ලුලා පොකුණේ හිටියට වැඩක් නැහැ පණ කෙන්දක් නැත්නම්. කනයෝ ටික පණ්ඩිතකම් කරන්නේ ලුලාගේ ඔලුවෙත් විනාශ කරලා. අද අපේ ලංකාවට වෙලා තියෙන්නේ නිවැරදි නායකයෙක් නැති කමයි.

:       0       55

Appuhami Monday, 25 September 2017 06:07 PM

පහුවෙලා හරි මොළේ පෑදිච්ච එක ලොකු දෙයක්....

:       1       37

mahee Monday, 25 September 2017 07:59 PM

මෙතන තියෙන්නේ තරඟයක්. එක පාටකට අයිති කට්ටිය එක හොරකමක් කරනකොට අනික් පාටේ කට්ටියට එක මදිකමක්. ඒ ගොල්ල දෙගුණ කරලා ගහනවා. ඒක දකින මුල් කට්ටියත් අරින්නේ න, දෙනවා හිටු කියල. සම්මුති ආණ්ඩුවනේ. දැනට කෘෂිකරමෙට ගත්තු ගොඩ නැගිල්ලෙන් පටන් අරන් මේ අලුත්ම එක දක්වා ඇවිත්. අර අන්තර්ජාල වැඩ සටහනේ හොඳ විස්තරයක් තියෙනවා අනික් වැඩ ගැනත්. තුසිත හල්ඔලුව මැතිතුමා වගේ අයට මේ හොර ගුහාවල් වල ඉන්න බැරි බව අපට පේනවා. හැබැයි මහා මාර්ග වැනි කුණු වලවල් වල ඉන්න බොහොම දෙනෙක් ඒකෙන්ම යැපෙමින් ඉන්න බවත් පේනවා.

:       0       202

RaveendraTuesday, 26 September 2017 06:59 AM

mahee මයා වෙත, ඔබගේ නිවැරදි විශ්ලේෂණය පිළිබදව අප සතුටු වන්නෙමු. අප වැඩිදෙනෙකු තම තමන්ට අදාල පාට කන්නාඩි පැළදගෙන ප්‍රශ්න දෙස බැලීමෙන් රටට සෙතක් වන කිසිදු පිළිතුරක් නොලැබෙන බව මේ පිරිසට නොවැටහීම අභාග්‍යකි.

:       0       0

dias Tuesday, 26 September 2017 12:30 AM

මෙම නිලදාරියාට මගේ ප්‍රණාමය.මෙය ප්‍රජාතන්ත්‍රවදය ඇතිකිරීම ගැන මෛයිත්‍රී ජනාදිපතිතුමා ප්‍රමුඛ සියල්ලන්ටමත් ප්‍රණාමය.

:       122       131

samanTuesday, 26 September 2017 03:14 AM

මේක යහපාලනෙම නෙවෙයි. එහෙනම් කොහොමද අර සාරි පොටක් උස්සපු එකට කැකිල්ලේ තීන්දු දෙන්නේ. නමුත් මේ සභාපතිතුමා ලලිත් සහ අනුෂට වෙච්චදේ දැකල සියලුම දේ වමාරලා තිබෙනවා ඒ නිසා දුමින්දට දෙවි පිහිටයි. එකම දේ අැයි මේ වෙනකම් හිටියේ.

:       3       8

nimal j Tuesday, 26 September 2017 03:15 AM

දුමින්දලා යහ පාලනේ බයිලා ගැහුවට කලත්තාවේ සොයිසාගේ පුතාට අනුරාධපුරේ පුජා නගරයේ ක්ලබ් දාන්න දුන්නෙත් එයා සහ එයාගේ පියාගේ බල මහිමයෙන් නිසා බව මුළු අනුරාධපුරේම දන්නවා. මේ ගොල්ලන් අනුරාධපුරේට එක බයිලාවක් කොළඹට සහ රටේ අනිකුත් පළාත්වලට තව බයිලාවක්.

:       0       77

Ravi Tuesday, 26 September 2017 05:37 AM

මෙච්චර කල් වැඩ කලා නේද මොකද? හිටි හැටියේම උනේ? වෙන මොකක් හරි දෙයක්ද? අනික ඔයා යද්දී ඔතනට දෙන්නෙක් එන්න බලන් ඉන්නේ

:       3       0

Rohana Tuesday, 26 September 2017 05:59 AM

කෘෂිකර්ම අමාත්‍යතුමාගේ වැඩ පිළිවෙල පසුගිය වසර කිපය තුළ නිරීක්ෂණයට ලක් කළහොත් අසාර්ථක බව කිවහැකිය. 1 ඉදිරිදක්මක් නැත. 2 විනිවිද බාවයක් නැත 3. හිස් ගොඩනැගිල්ලකට මාස්පතා කෝටි ගණන් බදු ගෙවීම. 4 පොහොර සහනාධාර ඉවත් කිරීම. 5 අලුත් වාහන ගැනිම සඳහා කෝටි ගණන් මුදල් වියදම් කිරීම. 6 ගොවිතැන කරන ජනතාවගේ සිතුම් පැතුම් පිළිබද අවබෝධයක් නැතිකම 7 නිළදාරීන් සමඟ වැඩ කිරීමට නොහැකිබව

:       0       26

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 30348 31


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 12409 8

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10900 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 780 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 239 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 887 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site