(මුදිතා දයානන්ද)
බුද්ධි අංශය නිසි අයුරින් ක‍්‍රියාත්මක වුවානම් දිගන සිදුවීම පදනම් කරගෙන ඇති වු කලහකාරී තත්වයන් වළක්වාගන්න හොඳටම ඉඩකඩ තිබු බව ජාතික හෙළ උරුමයේ ප‍්‍රධාන ලේකම් මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අද (07) පැවසීය.
කලහකාරි ලෙස හැසිරෙන හා ඊට අනුබල දෙන ඕනෑම අයෙක් තරාතිරම නොබලා අත්අඩංගුවට ගෙන නීතිය සැමට සමානව ක‍්‍රියාත්මක වන බව සැමට පේන්නට සළස්වන්නැයිද අමාත්‍යවරයා එහිදී ඉල්ලා සිටියේය.
බත්තරමුල්ලේ පිහිටි ජාතික හෙළ උරුම ප‍්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය සාකච්ඡාවකදී අමාතවරයා මෙම අදහස් දැක්වු අතර වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේ
දිගන සිදුවිමෙන් සිංහල පුද්ගලයෙක් තුවාල ලබා රෝහල්ගත වුණේ පසුගිය 22 වැනිදායි. එතැනින් පසු දෙවන සිදුවිම ඇති වුණේ දින ගණනාවකට පසුවයි. ඒ කාලය තුළ මෙවැනි සිදුවිමක් ඇතිවිය හැකි බවට යම් යම් ඉගි පළ වී තිබෙනවා. බුද්ධි අංශයක් තිබෙන්නේ මේවා ගැන තොරතුරු රැස්කරගෙන ඉහළට දැනුම් දී අවශ්‍ය පියවරයන් ගැනීමට සහය වීමටයි. නමුත් මේ සිදුවිමේදි බුද්ධි අංශ එලෙස කටුයතු කර නැහැ. ඒක ලොකු දුර්වලකමක්. මෙවැනි සිදුවිම් පාලනය කරන්න පෙර කාලයේ පොලිසිවලට අනුබද්ධව ක්ෂණික විහිදුම් බලකායක් තිබුණා. දැන් ඒවා නැහැ. මෙවැනි සිදුවීම් තවත් ඉදිරියේදිත් ඇති විය හැකි නිසා ක්ෂණික විහිදුම් බලකායක් ඇති කර සෑම පොලිස් ස්ථානයකටම අනුබද්ධ කර පවත්වාගෙන යාමට කටයුතු කරන ලෙස අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා යයිද පැවසීය.
COMMENTS
දැන් ඕවා ඕනේ නැහැ. පොලිසිය භාවනා කරලා දිවැස් ලබාගෙන මේවා කලින් දැනගන්න එක තමයි නවතම වැඩපිළිවල...
ඔහේ ජනාධිපති වෙච්චි දාක තමයි ඕවා කරන්න වෙන්නේ...! එහෙම අදහසක් ඔළුවේ තියෙනවනේ..?
එහෙම එකක් ඉතුරු වෙලා තියෙනවද? හිටපු අය අල්ලලා හිරේ දැම්මනේ...
අනේ බලන්නකෝ මගේ කලිසමේ කවුද මන්දා ජරා කරලා ගිහින්නේ ..!
හොඳ වෙලාවට ඔයාට බුද්ධිය පිහිටලා නැති නිසා වගකීමෙන් නිදහස්. ඉස්සා හිසේ මොනවාද තියාගෙන මම සුදනා කිව්වලු. (හැබැයි ජනතාව ඒ බයිලා පිළිගන්නේ නැහැ)
ඔබ තුමාලට නම් වගකීමක් ඇත්තේම නැනේ................
කිසිම සොයා බැලීමකින් තොරව , දේශපාලන පලිගැනීම්වලට අවශ්‍ය වටපිටාව සාදා ගැනීමට බුද්ධි අංශ නිලදාරීන් අවුරුදු ගණන් හිරේ දමල , ඔවුන්ගේ මානසිකත්වය සම්පුර්ණයෙන්ම වට්ටවල, අද කියනවා බුද්ධි අංශ නිලදාරීන් වග කියන්න ඕනේ කියල. එතකොට කොළඹ දිස්ත්‍රික්කෙන් චන්න්දේ ඉල්ලපු උස හාදය වගකියන්න ඕනේ නැත්ද ? මේකට වග කියන්න ඕනේ පොලිසිය සහ දේශපාලුවෝ.
බුද්ධි අංශ හිරේ දැම්මේ අපිද.
ඇයි අර දිග හින්දෑරි නැෂනල් අඳින හාදයා වග කියන්න ඕන නැද්ද ?
චම්පික මහත්තයෝ, ඔයා මැරිලා ඉපදුනාද? බුද්ධි අංශ මැරුවේ රනිල් නොවේද? 2002 අගමැති කාලේ කරපුවා දැන් අයට අමතක වුණාට ඔබට අමතකද? දැනට කී දෙනෙකුට බලපෑම් තියෙනවද? ඉතින් තවත් ඒ අය ඉල්ලගෙන කයිද?