(ජේ.කේ.එල් චාමින්ද සහ සුමතිපාල දියගහගේ)
යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු අද (06) අලුයම දක්ෂිණ අධිවේගි මාර්ගයේ දෙවට පින්නදුව පිවිසුම් මාර්ගයේ නුගදුවේ පිහිටි ඉන්ධන පිරවුම්හල් සේවකයින්ට ගිනි අවි පෙන්වා තර්ජනය කර රුපියල් 38000කට ආසන්න මුදලක් කොල්ලකා පලාගොස් ඇතැයි පොලීසිය කියයි.
අද (06) අලුයම 12.15ට පමණ මෙම කොල්ලකෑම සිදු වී තිබේ.
මුහුණු ආවරණය කර යතුරුපැදියේ අංක තහඩු වසාගෙන කොල්ලකරුවන් දෙදෙනා පැමිණ ඇති බැව් පොලිස් පරික්ෂණ වලදි අනාවරණය වි ඇත.
එම අවස්ථාවේ ඉන්ධන පිරවුම්හලේ සේවකයින් තිදෙනෙකු සිට තිබේ. කොල්ලකරුවන් දෙදෙනා ගිනි අවියක් පෙන්වා එහි සේවයකයින්ට තර්ජනය කර තිබේ. ගිනි අවිය ක්‍රියාත්මක කිරිමට යාමේදි ජිව උණ්ඩ දෙකක් පිටවි ඇතැයි පොලීසිය පවසයි.
ඉන්ධන පිරවුම්හල අසල තිබියදි එම ජිව උණ්ඩ දෙකද පොලිසිය මගින් සොයාගෙන ඇත.
කොල්ලකරුවන් පින්නදුව දෙසට පලාගොස් ඇති අතර ඉන්ධන පිරවුම්හලින් තෙල් ලබා ගැනිමට පැමිණි වෑන්රියක් කොල්ලකරුවන් පසුපස හඹා ගියද නුගදුව වර්ණ සංඥා පද්ධතිය අසලදි කොල්ලකරුවන් දෙදෙනා අකුරැස්ස මාර්ගය ඔස්සේ පලාගොස් ඇතැයි පොලීසිය පවසයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පෙට්‍රල් ෂෙඩ් කොල්ලකන අය අහුවුණාම ගිනි අවි පෙන්නන්න කියලා හරි අරන් ගිහින් වෙඩි තියලා ඉවර කරලා දාන්න ඕනෑ. මොකද මේ දේවල් කෙළවරක් නැතුව දිගට හරහට වෙනකොට මේ ෂෙඩ් ඒවා රෑ 8 වගේ වෙනකොට වහනවා. ඊට පස්සේ හදිසියේ වත් රෑට තෙල් ටිකක් ගහගන්න තැනක් නැතිවෙනවා. හොඳම උදාහරණය වැල්ලම්පිටිය, ගොතටුව කොළොන්නාව පැත්තෙන් කඩුවෙල එන්ට්‍රන්ස් එකට තියෙන පැත්ත. ඔක්කොම ෂෙඩ් වහනවා 7-8 වෙද්දී. (එකම එක ෂෙඩ් එකයි දැන් තියෙන්නේ රෑත් අැරගෙන ඉන්න). මේ වගේ රටවල් කරන්න බෑ බබාලා වගේ ටිකක් සැරට ඉන්න නායකයෙක් ඕනෑ.
රෑ 10න් පස්සේ උදේ 4 වෙනතුරු ඉන්ධන පිරවුම්හල් වසා තබන්න.