(රුක්මන් රත්නායක)
දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගාල්ල ඉමදූව ආසන්නයේදී සිදු වු අනතුරකින් මෝටර් රියක් ගිනි ගැනීමකට ලක් වී මුළුමනින්ම විනාශ වු බව පොලීසිය පවසයි.
මෝටර් රිය අධිවේගී මාර්ගයේ ආරක්ෂිත බැම්මෙහි වැදී සිදු වු අනතුරකින් ඊයේ (07) රාත්‍රී 10 ට පමණ මෙම අනතුර සිදු වී තිබේ.
රියදුරුට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර සිදු වන්නට ඇතැයි පොලීසිය සැකකරයි.
අනතුර සිදු වු අවස්ථාවේම තුවලකරුවන් කරාපිටිය රෝහලට යැවීමට අධිවේගී මාර්ග පොලීසිය සහ ආරක්ෂක අංශ එක්ව කටයුතු කළ අතර ගිනි නීවීමේ ඒකකය පැමිණ ගින්න නිවා දැමීමට කටයුතු කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මං කිලෝමීටර් ලක්ෂ 10කට වඩා කාර් එලවල තියෙනවා. අධිවේගී මාර්ගයේත් සෑහෙන්න එලවනවා. සාමාන්‍ය පාරේ පැයට කිලෝමීටර 100ට එලවන්න පොඩ්ඩක්වත් බයක් හිතෙන්නේ නැහැ... නමුත් අධිවේගී මාර්ගයේ එලවනකොට පොඩි ගැස්මක් දැනෙනවා.