(ජේ.කේ.එල්. චාමින්ද)

දකුණු පළාත් ආණ්ඩුකාර ධුරයෙන් ඉල්ලා අස්විමේ ලිපිය අද (04) උදෑසන තමන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත යොමු කළ බැව් දකුණු පළාත්  හිටපු ආණ්ඩුකාර කිර්ති තෙන්නකොන් මහතා පවසයි.

ජනාධිපතිවරයාට කැමති අයෙකු දකුණේ ආණ්ඩුකාර ධුරයට පත්කරගැනිම සදහා ඉඩ සලසමින් තමන් ඉල්ලා අස්විමේ ලිපිය අද භාර දුන් බවද  දකුණු පළාත් ආණ්ඩුකාර කිර්ති තෙන්නකොන් මහතා සඳහන් කළේය.

දකුණු පළාත් හිටපු ආණ්ඩුකාර කිර්ති තෙන්නකොන් මහතා ඌව පළාතේ හෝ මධ්‍යම පළාතේ ආණ්ඩුකාර ධුරයට පත් කිරීමට ඉඩ ඇති බවද දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

මීට පෙර මධ්‍යම පළාත් ආණ්ඩුකාර ධුරය දැරූ මෛත්‍රි ගුණරත්න හා ඌව පළාත් ආණ්ඩුකාර ධුරය දැරු නිතිඥ මාෂල් පෙරේරා ආණ්ඩුකාර ධුරවලින් ඉල්ලා අස්වූහ.