(ඔගස්ටීන් ප්‍රනාන්දු )
පුත්තලමේ සිට කොළඹ දක්වා ගමන්කළ සුඛෝපභෝගී වෑන් රියක රුපියල් දෙකෝටි විසි ලක්ෂයකට අධික වටිනාකමකින් යුත් කේරළ ගංඡා කිලෝ 220 ක් රැගෙන ගිය පුද්ගලයින් දෙදෙනකු අද (05) දහවල් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකටයුතු ලෙස පුත්තලම සිට කොළඹට ගමන් කළ සුඛෝපභෝගි වෑන් රියක් බංගදෙණිය ප‍්‍රදේශයේ දී නවතා පරික්ෂා කිරිමේදී වෑන් රිය පිටු පස කළු පැහැති ඉටි කොළ වලින් ඔතා තිබු පාර්සල් තොගයක් තිබෙනු දැක සැක සිති ඇති නිසා වෑන් රථයත් එහි සිටි දෙදෙනාත් හලාවත පොලිසියට ගෙනවිත් තිබේ.
මෙම ගංජා තොගයේ අයිතිකරු යාපනයේ පදිංචි කෝටි පති මත්ද‍්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන අතර ඔහු ද වෑන් රථයට ඉදිරියෙන් බංගදෙණිය දක්වා පැමිණ ඇති අතර වෑන් රථය පොලිසියට හසු වු බව දැන ඔහු පළා ගොස් ඇත.
මෙම ජාවාරම දිගු කලක පටන් කර ගෙන ගිය එකක් වන අතර ඔවුන් මන්නාරම පේසාලෙයි වෙරළට දකුණු ඉන්දියාවේ සිට මෙලෙස කේරළ ගංජා ගෙනැවිත් පසුව එම ගංජා කොළඹට ගෙන යන බවට ද තොරතුරු ලැබී ඇතැයි පොලිසිය කියයි.



2025 දෙසැම්බර් මස 30
99
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
739
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
365
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
දෙකෝටියක ගංජා සමඟ සැකකරුවෝ දෙන්නෙක් කොටු වෙති