IMG-LOGO

2025 දෙසැම්බර් මස 09 වන අඟහරුවාදා


තේ වලට සීනි මිශ්‍ර කිරීම ගැන කළ විමර්ශන අතරමග

බිඟුන් මේනක ගමගේ 

තේ නිෂ්පාදනයේදී සීනි හා ග්ලූකෝස් මිශ්‍ර කරන බවට චෝදනා එල්ල වූ තේ කම්හල් සම්බන්ධයෙන් වැවිලි කර්මාන්ත අමාත්‍යංශය මගින් ආරම්භ කළ විමර්ශනය අතරමග නතර වී ඇතැයි විශ්වසනීය ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.  

ගාල්ල, රත්නපුර හා මාතර යන දිස්ත්‍රික්කවල තේ කම්හල් 80 ක තේ මණ්ඩලය පසුගිය පෙබරවාරි මාසයේදී කළ හදිසි වැටලීමකදී තේ නිෂ්පාදනයේදී සීනි හා ග්ලූකෝස් මිශ්‍ර කරන බවට කම්හල් 53 කට චෝදනා එල්ල වූ අතර වැවිලි කර්මාන්ත ඇමැති නවීන් දිසානායක මහතා පැවැසුවේ ඒ සම්බන්ධයෙන් අමාත්‍යංශ මට්ටමින් වෙනම විමර්ශනයක් කරන බවයි.

මේ අතර එම වැටලීමට මූලිකත්වය ගත් ආචාර්ය රොහාන් පෙතියාගොඩ මහතා තේ මණ්ඩලයේ සභාපතිත්වයෙන් ඉල්ලා අස් වූ අතර චෝදනාවට ලක් වූ කම්හල්හිමියෝ අදාළ වැටලීමේදී අනුගමනය කළ (HPLC) නමැති පරීක්ෂණ ක්‍රමවේදය අභියෝගයට ලක් කළහ.

ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා ඇමැති නවීන් දිසානායක මහතාට ලිපියක් යොමු කරමින් චෝදනාවට ලක් වී සිටින කම්හල්හිමියන්ගේ නම් හෙළි කරන්නැයි ඉල්ලා සිටි නමුත් පරීක්ෂණ අවසන් නැති බැවින් එම නම් හෙළි කළ නොහැකි බව නවීන් දිසානායක ඇමැතිවරයා පැවසීය.

අදාළ විමර්ශන කටයුතු අතරමග නතරවීමට මෙසේ චෝදනාවට ලක්ව ඇති කම්හල් අතර දේශපාලන ප්‍රබලයන් කීප දෙනෙකුගේම කම්හල් තිබීම ප්‍රධාන හේතුවක් වී ඇතැයි තේ මණ්ඩලයේ ප්‍රකාශකයෙක් පැවැසීය. 



අදහස් (2)

තේ වලට සීනි මිශ්‍ර කිරීම ගැන කළ විමර්ශන අතරමග

samanK Wednesday, 12 September 2018 01:59 PM

විමර්ශනයේදී සීනි විතරක් නොවේ,කිරිපිටිත් අහුවෙලාද කොහේදෝ තේ වල තිබිල.

:       1       37

Nandalal DE SILVA - France Thursday, 13 September 2018 02:16 PM

මේක වංචාවක් නෙවි! මුදලත් කාලයත් ඉතිරි කරගැනීම සඳහා යෙදු උපාය මාර්ගයක් විතරයි. ශ්‍රී ලංකාව අපනයන කරන තේ කොළ විදේශීය පාරිභෝගිකයාට ලැබුන ගමන් පානය කිරීම සඳහා පැහි දමන වතුර එක්ක තේ කොළ චුට්ටක් කෝප්පයට දාලා විනාඩියෙන් අපේ තේ වල රස බැලීම සඳහායි මේ අත්හදා බැලීම කරේ. මීළඟට කිරි එකතු කරනවාලු. තේ හැඳි හොයමින් කාලය නාස්ති කිරීම වලක්වාලීම සඳහා ප්ලාස්ටික් තේ හැඳි තේ කොළ පැකට්ටුවේ බහාලීම එහි තුන්වන අදියර විය හැක.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 369 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 434 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 403 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site