සුජිත් හේවාජුලිගේ සහ ඩයනා උදයංගනී
ග්ලයිෆොසෙට් තහනම තේ හා රබර් වලින් ඉවත් කිරීමේ ගැසට් නිවේදනය ඉදිරි දිනවල පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව වැවිලි කර්මාන්ත ඇමති නවීන් දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අද (24) පැවසීය.
ඇමතිවරයා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ (සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳ විවාදයේදීය.
නවීන් දිසානායක මහතා මෙසේද කීය.
‘‘ ග්ලයිෆොසෙට් වල වල් නාශකය තහනම් කිරීම නිසා වගාවට ලොකු බලගපෑමක් ඇතිවුණා. ග්ලයිෆොසෙට් වලින් තම ජනතාවට හානියක් නොවුණු බව ජපානයත් කිව්වා. ග්ලයිෆොසෙට් වලට විකල්පයක් ලෙස අපි යොදාගත් එම් ආර් සී ටී වල්නාශකයෙනුත් හානියක් නැතැයි ඔවුන් කිව්වා.
තේ වල තිබිය යුතු උපරිම සීනි ප්‍රමාණයත් ඉදිරියේදී ගැසට් කරනවා‘‘.
COMMENTS
ය්රෝපයේ සහ ලෝකයේ දියුණු රටවල වස විස නොමැති එළවලු , පලතුරු සහ තේ වර්ග වලට විශාල ඉල්ලුමක් තිබෙනවා , ඉදිරියේදී එම වෙළදපලවල් ඉල්ලක්ක කරගෙන කෘෂි නිෂ්පාදන කරන්න බලාපොරොත්තු වෙනවා නම් දැන් ඉඳන්ම ටික ටික හරි වස විස භාවිතයෙන් ඈත් වෙන්න පුරුදු විය යුතුය .ලංකාවේ හුඟ දෙනෙක් බලාපොරොත්තු වෙන්නේ අඩු වියදමකින් , අඩු ශ්‍රමයකින් වැඩි ලාභයක් ලබන්න , නමුත් කෙටි ක්‍රම දිර්ගකාලින නොවේ . ඉස්සර කල විදිහටම අතින් වල් නෙලීම තේ වගාවේ උන්නතියට හේතුවේ ,
නිවැරදි තීරණයකි. දෙවියන්ගෙන් පේන බලා වකුගඩුරෝගයට හේතු සොයාගත් මහාචාරය වරු සිටින රටක් මේක. දකුණූ පලාතේ මැදරට ඔක පාවිච්චි කලා වකු ගඩ්රෝග අමුතුවෙන් වැඩි වෙලා නැහැ තේ රබර් වගාව ආරථික වශයෙන් අසාර්ථකයි වල්නෙළුම් කුලීයත් එක්ක දැන් මද සහනයක් වේවි.
නරකද තේ අැතුළු අනෙකුත් අපනයන බෝග වගා කරන අය එකතු වෙලා "ග්ලයිපොසෙට් අැතුළු කෘෂි රසායන භාවිතයොන් තොරයි" යන ලේබලය යටතේ අපනයන භෝග වගා කරන්න පළඹුනොත්. ලෝක වෙළඳපලේ ලොකු මිලක් තයනවා එ්වට වෙළඳපල අල්ලන එකත් ලේසියි. හැබැයි වෙනදට වඩා ටිකක් මහන්සි වෙන්න ඔ්නේ. අපේ අය හොයන්නේ හාන්සි වෙලා සල්ලි හොයන විදිනේ.වස විෂ නැති දෙයක් නිපදවනවනම් එ්ක කොච්චර දෙයක්ද?