(දයාරත්න ඇඹෝගම)
තිසාවැවට බැස දිය නෑම තහනම් කරන ලෙස ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ නාගරික මන්ත්‍රී නදිර ප්‍රභාත් ධර්මදාස මහතා අද (8) අනුරාධපුර මහ නගර සභාවට ගෙන ආ යෝජනාව ඒකමතිකව සභා සම්මත විය.
අනුරාධපුර මහ නගර සභාවේ මාසික රැස්විම නගරාධිපති එච්.පි.සෝමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් නගර සභා රැස්විම් ශාලාවේදි පැවැත්විණි.
තිසාවැවෙන් දිය නෑම තහනම් කරන ලෙස යොජනා කරමින් ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ නාගරික මන්ත්‍රි නදිර ප්‍රභාත් ධර්මදාස මහතා මෙසේද පැවසිය.
නගර සභා බල ප්‍රදේශයේ පිහිටා ඇති තිසාවැවෙන් පවුල් පන්දහසකට අධික ප්‍රමාණයක් පානීය ජලය ලබා ගන්නවා.මේවන විට මෙම වැවෙන් වන්දනාවේ පැමිණෙන විශාල පිරිසක් දිය නානවා.
දිය නෑම පමණක් නොව සමහරුන් සිය ශාරිරික අවශ්‍යතාවන් සිදුකරන්නේද මෙම වැවෙන්. සබන් ෂැම්පු වර්ග භාවිතය නිසා අධික ලෙස ජලය අපවිත්‍ර වී තිබෙනවා.
මේ නිසා මෙම වැවේ දිය පානය කිරිමෙන් විවිධ රෝග පීඩා ඇතිවන බවටත් වෛද්‍යවරු මෙන්ම පරිසරවේදින් පෙන්වාදි තිබෙනවා.
නගර සභාවක පරම යුතුකම හා වගකිම වන්නේ නාගරික ජනතාවගේ සෞඛ්‍ය සුරක්ෂිත කිරිම බැවින් තිසාවැවේ දිය නෑම තහනම් කරන ලෙස ඉල්ලා සිටිනවා.
අනුරාධපුර පුජනිය ස්ථාන වැදපුදා ගැනීමට පැමිණෙන බැතිමතුන් ඉදිරියේදි දිය නෑම සඳහා පොකුණු තුන බුලංකුලමවැව සහ මල්වත් ඔයට යොමු කිරිමටද කටයුතු කරන බව මෙහිදි නගරාධිපති එච්.පි.සෝමදාස මහතා පැවසිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුම්බිච්චන්කුලම වැවට එවන්න හොඳට වතුරත් තියනවා............
එතකොට තිසා වැවී ඉන්න සත්තුන්ට වතුරට බැස නෑම තහනම්ද ? තිසා වැවට බහින්නේ නැතිව පිටින් සිට නෑම තහනම්ද ? තිසා වැවට බැස ඇග සේදීම තහනම්ද ? පියඹා යන සතුන් වැවට බැස නෑම වලක්වීමට ගන්නා පියවර කුමක්ද ?
ඉතා හොද වැඩක්. අනෙක වාරයක් පින්. අනිත් වැව් හා පානීය ජල සැපයුම් ස්ථාන හදුනාගෙන වහා ක්‍රියාත්මක කල යුතුයි. සංචාරකයන්ටත් වැසිකිලි කැසිකිලි පහසුකම් ලබාදිය යුතුයි.
ඕක කරන්න කියල මිනිස්සු උද්ඝෝෂණ කරලා තහනම් කරලා තිබුණේ තව මොනවා තහනම් කරන්නද ?
ජලසම්පාදන මණ්ඩලය "ඉත්තෑවගේ බෙනේ කැබැල්ලෑවා රිංගනව" වගේ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ වැව් වලට පැනලා නීති දාන්න යනවා .ඇයි ඔවුන්ට වෙනම ජලාශ තනා ගන්න බැරි ? වැව් සහ ගංගා තමයි මහ ජනයාට නාන්න තියෙන්නෙ
තිසා වැවට ජලය සපයන්නේ මහවැලි ව්‍යාපාරයේ නාච්චදූව ඇලෙන්.ඔහොම ගිහින් මහවැලි ගඟෙන් නාන එකත් තහනම් කරන්න ඉඩ තියෙනවා. මෙය මෝඩ තීරණයක්.
එතකොට ගංගා සහ වැව් තියෙන්නේ මිනිසුන්ට නාන්න නම් මිනිස්සු වතුර බොන්නේ බෝතල් කරපු වතුරද? නාන්න ඉස්සෙල්ලා පිපාසය සන්සිදවගන්න ඕන. ඒ නිසා එක වැවක් හරි පිරිසිදුවට තියාගන්න ඕන.
කතාව ඇත්ත වැවක වතුර පෙවිලා දරුවෙකුට ටිපොයිඩ් හදුනා