(නිමන්ති රණසිංහ)
කල් ඉකුත් වූ රුධිර පෙරන කට්ටල විනාශ කිරීමෙන් වැලකී සිට දූෂණය නම් වරදක් සිදුකළ බවට චෝදනා ලැබූ ජාතික ලේ දීමේ සේවයේ හිටපු අධ්‍යක්ෂිකා වෛද්‍ය මංගලිකා බින්දුසාර මහත්මියට සහ රජයේ වෛද්‍යවරියකට එරෙහිව පවතින අල්ලස් නඩුවේ විභාගය ලබන ඔක්තෝම්බර් මස 19 වැනිදා තෙක් කල් තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා නියෝග කළේය.
අල්ලස් පනතේ 70 වගන්තිය ප්‍රකාරව දූෂණය නම් වරද සම්බන්ධයෙන් මෑතකදී උද්ගතවී ඇති ඇවන්ගාඩ් නඩුවට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය මගින් එම නඩු විභාගය අත්හිටුවා නියෝග ලබාදී ඇති බවත් මෙම නඩුවද 70 වගන්තිය යටතේ ගැනෙන එකක් බැවින් එම නඩුවේ තීන්දුව ලැබෙන තුරු විභාගය කල් තබන ලෙසත් නීතිපතිවරයා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නිතීඥ අසාද් නවාවි මහතා අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.
ඒ අනුව පැමිණීල්ල වෙනුවෙන් කළ ඉල්ලීම සැලකිල්ලට ගත් අධිකරණය නඩු විභාගය එලෙස කල් තැබීමට නියෝග කළේය.
2025 දෙසැම්බර් මස 30
110
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
747
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
370
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
තවත් දූෂණ නඩුවක් කල් තියයි
Mahee Friday, 13 July 2018 08:13 PM
යුක්තිය ප්‍රමාද කිරීම යනු යුක්තිය අහිමි කිරීමයි කියල කියමනක් මං අහල තියෙනවා.
Samathasena A . Aluthgama Saturday, 14 July 2018 02:54 AM
මේ විදිහට යුක්තිය පසිඳලීම කල්යන්නේ නම්, නඩු ඇසීම සඳහා විදෙස් විනිසුරුවරුන් ගෙන්වා හෝ නඩු ඇසීම බුද්ධි ගෝචර නොවන්නේද ? ගමේ අසරණ පියදාස හෝ දයාවතී වරදක් කළහොත් ඔවුන්ට ඉතාමත්ම ඉක්මනින් නඩු අසා දඬුවම් නියම වෙයි. එ්ත් උස් තැන්වලට එසේ නොවේ. "උස් තැන් දැක හැකිළෙන්නේ - මිටි තැන් දැක පුප්පන්නේ "