රොමේෂ් මධුෂංඛ
මුලතිව් වෙල්ලමුල්ලි වයික්කාල් ප්‍රදේශයේ වළ දමා තිබූ කොටි සංවිධානයට අයත් නිල ඇඳුමක් හා බෝම්බයක් සිදු කරන ලද කැණීමකින් හමු වූ බවට මුලතිව් පොලීසිය පවසයි.
අදාළ ස්ථානයේ ඊයේ දින කැණීම් කිරීමට පෙර මුල්ලිවයික්කාල් ගුවන් හමුදා කඳවුරේ සෙබළුන් තිදෙනෙකු මෙම ස්ථානයේ දී පසුගිය ජුනි 20 වැනි දා කැණීමක් සිදු කළ අතර එහිදී එම ගුවන් හමුදා නිලධාරීන් නීත්‍යානුකූල අවසරයකින් තොරව කැණීම සිදු කළ නිසාවෙන් අත්අඩංගුවට ගැනීමට මුලතිව් පොලීසිය පියවර ගනු ලැබීය.
පසුව අදාළ ගුවන් හමුදා නිලධාරීන්ට ලැබුණු බුද්ධි තොරතුරට අනුව ඒ බව මුලතිව් පොලීසියට හා මුලතිව් අධිකරණයට දැනුම් දී අධිකරණ නියෝගයකින් එම ස්ථානයේ නැවත කැණීම් සිදු කරනු ලැබීය.
පස් කපන යන්ත්‍රයක් යොදා ගනිමින් සිදු කරන ලද කැණීම් වලදී අඩි 5 ක් පමණ පොළව හෑරීමෙන් පසුව කොටි සංවිධානයේ නිල ඇඳුමක් සහ කොටි සංවිධානය විසින් නිෂ්පාදිත තමිලන් ගුණ්ඩු නැමති බෝම්බයක් හමු වූ බවට මුලතිව් පොලීසිය පවසයි.
මීට පෙරද මුලතිව් ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේ දී ත්‍රී රෝද රථයකින් රැගෙන යමින් තිබූ කොටි නිලඇඳුම්, කොටි කොඩි හා බෝම්බ තොගයක් සමඟ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට පත්විණි.



2025 දෙසැම්බර් මස 04
397
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
444
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
408
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
තවත් කොටි නිල ඇඳුමක් සමඟ බෝම්බයක් හමුවෙයි