(ඩේලිමිරර් ඇසුරෙනි-042)
2018 වෙසක් මාසය වන විට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට හැඬීමට සිදුවෙනු ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
වෙසක් මාසය වන විට වර්තමාන ආණ්ඩුව පෙරළා දමන බවට හිටපු ජනපතිවරයා කළ ප්‍රකාශයට පිළිතුරු දෙමින් ඒ මහතා මේ බව කීය.
කිරිබත්ගොඩදී පැවති එක්සත් ජාතික පක්ෂ රැලියකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.
“මීට පෙර අවස්ථාවකදී හිටපු ජනපතිවරයා ප්‍රකාශ කළා ඉකුත් ජනවාරියේදි අපේ ආණ්ඩුව පෙරළනවා කියලා.මම එදා කීවා මම විදේශ සංචාරයට ගිය විට එය කරන ලෙස.නමුත් ඔහු ඒක කළේ නැහැ.කෙසේ වෙතත් 2018 වෙසක් මාසය වෙද්දී ආණ්ඩුවේ ඉදිරි සංවර්ධන ව්‍යාපෘති දැකලා ඔහුට අඬන්න සිදු වෙයි“යැයි අගමැතිවරයා පවසයි.
කළුතර ප්‍රදේශයේ වෙළෙඳ කලාපයක් ඉදිකිරීම ගැන බැලීමට තායි සමාගමක් මෙරටට පැමිණ ඇතැයි ද නැගෙනහිර සංවර්ධන කටයුතුවලට සිංගප්පූරුවේ හා ඉන්දියාවේ සහය ලබාගැනීමට සාකච්ඡා ආරම්භ කිරීමට නියමිතව ඇතැයි ද අගමැතිවරයා කියයි.
සාකච්ඡා සඳහා තමන් ඉන්දියාවට හා ජපානයට යෑමට නියමිත බවද ඒ මහතා පවසයි.
ණය උගුලෙන් රට ගලවාගැනීමට විශාල සැලසුමක් රජයට ඇතැයි ද වික්‍රමසිංහ මහතා කියයි. හම්බන්තොට වරාය බදු දීම එහි එක් පියවරක් බවද අගමැතිවරයා පවසයි.
“වරාය බදු නොදුනහොත් වැට් බදු වැඩි කිරීම හැර අන් පියවරක් රජයට නැහැ.“ඒ මහතා කියයි.
හම්බන්තොට වරායේ කොටස් චීනයට ලබාදීමට පසුගිය රජය ගිවිසුමක් අත්සන් කළේ ඇයිදැයි අගමැතිවරයා ප්‍රශ්න කරයි.කොළඹ වරාය යටතේ ඇති ඉඩම් කොටසක් චීනයට සින්නක්කරව ලබා දුන්නේ ඇයි දැයි ප්‍රශ්න කරන බවද ඒ මහතා පවසයි
COMMENTS
මහින්ද කොහොම වෙතත් මේ රටේ ජනතාව නම් තුන් බියෙන්ම පීඩා විඳිමින් අඩනවා පේනවද මන්දා .
අපිට නම් මේ අවුරුද්දේ සිංහල අවුරුද්දටත් කලින් අඬන්න වෙලා තියෙන්නේ හොටු පෙරාගෙන...... කොහොමෙයි මෙහෙම බදු ගෙවන්නේ කියලා හිත හිතා
එතුමා මේ රටේ තිස් අවුරුද්දක් තිස්සේ අඬපු මිනිස්සුන්ගේ කඳුළු පිහිදම්මා..
ඔව්! අවුරුද්දකින් එතුමා විතරක් නෙවේ මුළු ලක්වැසි ජනතාවටම අඬන්න වෙනවා.දැනටම ලක්ෂ 58 අඩනවා කියල දන්නවා.තව ටික කාලයකින් අර ලක්ෂ 62 එකතුවෙනවා.
මහින්දට කෙසේ වෙතත් ජනතාවට නම් අඩන්න වත් පණක් තියෙන එකක් නෑ ජීවන වියදම වැඩි වෙන විදයට
සමහරුන්ට මහින්ද නැතුව තාම ඇඩෙනවා වගේ.
ජනවාරි 8 දා මහින්දට කළ දේ රනිල්ටත් කරන්න ඡන්ද දායකයා සූදානමින් ඉන්නෙ
මෙයා නම් ඉතින් දැනුත් අඬ අඬානෙ ඉන්නෙ. එක අතකට ඉතින් වෙන කොහොම ඉන්නද මහ බැන්කුව යාලුවත් එක්ක එකතු වෙලා හූරගෙන කාල රටම විනාස කරල සිංහල ජාතියත් නැත්තටම නැති කරල දාන්න වැඩ කරද්දි.
අද ඔය කවුරුත් කියවන්නේ මහින්ද සර් නිදහස අරන් දුන්න නිසා ඔය කියන කටෙන් පුලුවන්නම් ජන්දයක් තියන්න එතකොට බල ගන්න පුළුවන්