එච්. චන්දන
නීත්‍යානුකූල බලපත්‍රයක් නොමැතිව ස්වයංක්‍රීය ගිනි අවියක් ළඟ තබා ගත් පුද්ගලයකුට පුත්තලම මහාධිකරණ විනිසුරු ආදිත්‍ය කාන්ත මද්දුමපටබැඳගේ මහතා අද ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කළේය.
2010 වර්ෂයේ මැයි මස 10 වන දින හෝ ඒ ආසන්න දිනයක දී පුත්තලම - කුරුණෑගල මාර්ගයේදී ආණමඩුව පොලිස් ස්ථානයේ නිධාරින් පිරිසක් විසින් වෑන් රථයක් පරීක්ෂා කිරීමේදී ඇමරිකාවේ නිශ්පාදිත එම් 16 නැමති ස්වයංක්‍රීය ගිනි අවිය හා ජීව උණ්ඩ 30 සමග සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබිණි.
ඉන් එක් පුද්ගලයකුට එරෙහිව අධිචෝදනා ගොනු කර තිබුණු අතර ඒ අනුව වරදකරු වූයේ රාමළාන් මොහොමුදු හපීල් (38) නම් පුද්ගලයකුටය. ඔහු පුත්තලමේ ප්‍රබල දේශපාලනඥයකුගේ රියදුරු ලෙස සේවය කළේය. මෙම නඩුවේ දෙවැනි චූදිතයා වූ මොහොමුදු පාරුක් යුසුස් යන මෙම නඩුවෙන් නිදොස් කොට නිදහස් කළේය.
COMMENTS
එම් 16 එකක් අපේ හමුදාවවත් පාවිච්චි කරන්නේ නැහැ විශේෂකාර්ය බලකාය හැර.
ඉන්දියන් නළු සංජය දත්ගේ නිවසේ තිබුන නීති විරෝධී තුවක්කු බෝම්බ කිහිපයක්ම සොයා ගන්තත් ඔහුට ලැබුනේ අවුරුදු 5 ක සිර දඬුවමක්. ඒ අතින් අපේ රටේ නීතිය සුපිරියි.
ටී පනස් හයක් එක්ක අහු වුණා නම් රුපියල් දාහක් දඩ කාල මස තුනක් හිරේ ඉඳල එන්න පුළුවන්
පිස්තෝල වලින් වැඩ පෙන්නන්න උත්සාහ කරන දේශපාලකයන්ට සහ එවුන්ගේ පවුල් වල අයටත් මෙවැනි දඬුවම් දිය යුතුයි.
මේ දඩුවම දෙන්න නිතිය ක්‍රියාත්මක කරපු අයගෙන් අහන්නෙ, රටක නීතියක් ක්‍රියාත්මක වෙන එකට මමත් එකඟයි. නමුත් මම අහන්නේ අවි අත දරාගෙන මනුස්ස ජීවිතයක් නැති කරන පාතාලයන්ට මොනවාද කරන්නේ.දවසගානේ අහිංසක මිනිසුන්ගේ ජීවිත බ්ළිගන්නා පාතාලේ මැරයන්ට දෙන දඬුවම මොකක්ද?.අවියක් අත දරාගෙන හිටියා කියලා ඒ මනුස්සයා සීයට සීයක් වැරදි පුද්ගලයෙක් නොවෙන්න පුළුවනි.මම අහන්නේ මහදවල් දෙනෝදාහක් ජනතාව මැද්දට ඇවිල්ල පාතාලේ මැරයන් අහිංසක ජනතාවගේ ජිවිත නැති කරනවා .එතකොට උන්ට අපේ රටේ වෙන නීතියක් තියෙනවාද?.
තුවක්කුවක් ළඟ තියා ගත්තත්, දිගට හරහට වෙඩි තියල දහා දොළොස් දෙනෙක් මැරුවත් ලැබෙන්නේ එකම විදිහේ දඬුවම් ද? අනේ පවු. මේ අහිංසකය නිකම් ආසාවට හරි සද්දේ ඇහෙන්න වත් ඕක පත්තු කරන්න නේ තිබුනේ!