(දයාරත්න ඇඹෝගම)
තලාව කුරුඳුවැව නිවසක ගෙවත්තේ නිධන් ගැනිම සදහා කැණිම් කරමින් සිටි අට දෙනකු අද(8) අත් අඩංගුවට ගත් බව තලාව පොලිසිය කියයි.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ රාගම තලාව ගල්නැව කලත්තැව සහ අනුරාධපුර ප්‍රෙද්ශයේ පදිංදි වයස අවුරැදු 45ත් 55 අතර වියේ පසුවන අට දෙනෙක් වන අතර ඒ අතර කාන්තාවන් සිව් දෙනෙක් ද වෙති.
නිදන් හාරනු ලැබු නිවස හිමි කාන්තාවට නිවසේ ගෙවත්තේ නිධානයක් ඇති බවට දෙවියන් වහන්සේ නමක් සිහිනෙන් පැවසිම නිසා ඇය හිතවත් පිරිමි පුද්ගලයන් සහ කාන්තාවන් පිරිසක් එක් කර ගනිමින් මෙසේ නිධානය ලබා ගැනිමේ අරමුණින් කැණිම් සිදුකර ඇතැයි පොලිසිය කියයි.
පොලිසිය මෙම ස්ථානය වටලන අවස්ථාවේ එහි සිටි එක් සැකකරුවකු පළා ගොස් ඇති අතර සැකකරුවන් පොළොව අඩි 20 ක් පමණ ගැඹුරට හාරා තිබු බවද පොලිසිය කියයි.
පොළොව කැණිම සදහා භාවිතා කළ උදලු, අලවංගු හා පිකැස් ද බහිරව පුජාව සඳහා යොදාගෙන තිබූ බිත්තර, තැඹිලි, කෙසෙල්, සුවද දුම් යනාදියද මෙහිදි පොලිස් බාරයට ගැනිණි.
2025 දෙසැම්බර් මස 30
49
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
716
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
340
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
තලාවේ නිධන් හාරමින් සිටි අටක් අත්අඩංගුවට
dhamneth Friday, 08 December 2017 10:43 AM
නිධන් තිබෙනවා නම් රජය මගින් ඒවා ගොඩගෙන රටේ යහපත සදහා යෙදවිය යුතුයි. නිදන් හැරීම නිසා පුරාවස්තුත් විනාශ වෙනවා. එ්නිසා රජය කඩිනම් පියවර ගතයුතුයි. සමහරවිට මේවා නිකම් කට කතා වෙන්නත් පුළුවන්. එ්නිසා සොයාබලන එක වැදගත්.
Nandaka Friday, 08 December 2017 11:49 AM
නිදන් හාරලා ගත්තම මොකද වෙන්නේ? කිසිම ප්‍රයෝජනයක් නැතිව නිකම්ම තියෙනවට වඩා ! අනික රජ කාලේ නිදන් කරේ රජාගේ පුද්ගලික භාණ්ඩාගාරේට මිනිසුන්ගෙන් කොල්ලකාපු බලහත්කාරෙන් ගත්ත වස්තුව! වෙන රජෙක්ට පැරදෙන්න යනකොට හැංගුව පස්සේ ගන්න හිතාගෙන. එ්ත් පස්සේ ගන්න අවස්ථාවක් ආවේ නෑ! 1977න් පස්සේ ආපු රජවරුත් පැරදිලා යන්න කලින් කෝටි ගණන් චෙක් වලින් ආණ්ඩුවේ මුදල්, සල්ලි කන්ටේනර්, ඉඩම්, මන්දිරේ බඩු මුට්ටු, තව තව වටිනා කියන දේවල් ගල් කළා! ඒ නිදන් තියෙන්නේ ලංකාවේ වගේම ....