(චන්දන ප්‍රනාන්දු )
දුම්මලකොටුව ප්‍රදේශයේ තිබු සංගීත සංදර්ශනයක් නැරඹිමට ආ අයකුගේ රුපියල් ලක්ෂ 4 ක් පමණ වටිනා ත%sරෝද රථයක් සොරාගෙන යමින් සිටි අයකු දන්කොටුව කටානවත්ත මාර්ගයේදි ත්‍රී රෝද රිය පෙරළි ගොස් තුවාල ලබා සිටියදි සැකපිට අත්අඩංගුවට ගත්බව දන්කොටුව පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගාල්ලේ පදිංචි දංකොටුවේ නැවති සේවය කරන 27 හැවිරිදි අයෙකි.
තමන් සංගීත සංදර්ශනය නරඹා තමන් පැමිණි ත්‍රිරෝද රථය නවතා තිබු ස්ථානයේ නොතිබීම සම්බන්ධයෙන් එහි හිමිකරු පොලිසියට කරන ලද පැමිණිල්ලක් මත වහා ක්‍රියාත්මක වු දන්කොටුව පොලිසියේ නිලධාරින් දන්කොටුව කටානවත්ත මාර්ගයේ ත්‍රීරෝද රථයක් පෙරළි ඇති බවට ආ තොරතුරක් මත සොයා බැලිමේදි එය සොරාගත් ත්‍රිරෝද රථය බවට හඳුනාගෙන ඇත.
ත්‍රිරෝද රථය පෙරළි තිබු ස්ථානය අවට ලදු කැලැව පරික්ෂා කිරිමේදි රථය සොරාගෙන පදවාගෙන ආ පුද්ගලයා බරපතල තුවාල ලබා සැඟව සිටියදි සැකපිට අත්අඩංගුවට ගෙන රෝහල් ගත කළ බව පොලිසිය කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ත්‍රී වීලර් රියදුරෝ පාරේ කරන වරදිවලටත් එසැනින් කර්ම පලදෙනවානම්!
මහ ජනයාගේ සල්ලි හොරකම් කරන මෝරෙක් යන ප්ලේන් එකක් හරි කඩං වැටෙනවනම් .... මොකද මොවුනට නීතියෙන් දඬුවම් පේනතෙක් මානෙක නෑනෙ .....