(කාංචන කුමාර ආරියදාස සහ ඉන්දික අරුණ කුමාර )
ගලේවෙල පොලිස් බල ප්‍රදේශයේ අලුත්ගම සහ එන එනමල්පොත ප්‍රදේශ වල අද (28) කළ සෝදිසි මෙහෙයුමකදී නිවසක සඟවා තිබූ යතුරුපැදි දෙකක්, කඩු දෙකක්, මෙරට තහනම් ත්‍රස්ත සංවිධානවල ඡායාරූප වීඩියෝ පට සහිත ජංගම දුරකථන 02ක්, වැගන් ආර් මෝටර් රියක් සමඟ පුද්ගලයන් 4 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
දඹුල්ල පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරි පොලිස් පරීක්ෂක එම්. බී. එම්. ජීවන බණ්ඩාර මහතාට ලැබුණු තොරතුරක් මත ගලේවෙල පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිලංග ප්‍රනාන්දු මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක සහය ඇතිව මෙම විශේෂ සෝදිසි මෙහෙයුම ක්‍රියාත්මක කළහ.
මෙහිදී වහකෝට්ටේ කතෝලික පල්ලිය ආසන්නයේ පිහිටි එනමල්පොත ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමේ දී බස්නාහිර පළාතේ ලියාපදිංචි කරන ලද යතුරු පැදි දෙකක් නිවසක සඟවා තිබියදී සොයාගත් අතර නිවසේ හිමිකරුවා කියා සිටියේ තමන් නොදන්නා අයෙකු යතුරුපැදි දෙක තමාට ලබාදී රුපියල් පන්දහසක මුදලක් ලබාගත් බවයි.
ඔහුගෙන් තව දුරටත් ප්‍රශ්න කිරීමේ දී මෝටර් රථයක්ද ඔහු සන්තකයේ තිබී පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට පත්විණි. එමෙන්ම මෙම පුද්ගලයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නඩු කිහිපයකට සම්බන්ධ අයෙකු බවද පොලිස් ප්‍රශ්න කිරීමේදී හෙළිවියයි පොලිසිය කියයි.
එම සෝදිසි මෙහෙයුමේදී සැක කටයුතු පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී ඔහුගේ ජංගම දුරකථනයේ තිබී මෙරට තහනම් ත්‍රස්ත සංවිධානයක ඡායාරූප සහ වීඩියෝ දර්ශන රැසක් සොයා ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි. ඔහුගේ ජංගම දුරකථනයේ ආරක්ෂක අංශවත් මෙතෙක් හඳුනා නොගත් මරාගෙන මැරෙන බෝම්බ කරුවන්ගේ කදින් වෙන්වූ හිසක සමීප ඡායාරූප සහ ත්‍රස්ත කන්ඩායමේ නායකයාගේ බවට සැක කරන ඡායාරූප රැසක් මෙන්ම වීඩියෝ පට රැසක් ද වූ බව පොලීසිය කියයි.
බෝම්බ බැඳගෙන යන යතුරු පැදි කිහිපයක ඡායාරූප ද තිබූ බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය. එනමල්පොත ප්‍රදේශයේ තවදුරටත් මෙහෙයුම් කිරීමේදී තියුණු කඩුවක් සහිත පුද්ගලයෙකු ද පොලිස් භාරයට ගැනිණි.
ගලේවෙල අලුත්ගම ප්‍රදේශයේදී ගලේවෙල පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය ලැබුණු තොරතුරක් මත සිදුකළ සෝදිසි මෙහෙයුමකදී මුස්ලිම් දේවස්ථානයක් ආසන්නයේ රැඳී සිටි පුද්ගලයන් දෙදෙනකුගේ ජංගම දුරකථන පරීක්ෂාකිරීමේදී ද තහනම් සංවිධානයේ ඡායාරූප වීඩියෝ පට සහිත පුද්ගලයන් දෙදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත් අතර තවත් පුද්ගලයෙකු කඩුවක් සහිතව සිටිය දී ද අත්අඩංගුවට ගත් බව ගලේවෙල පොලිසිය කියයි.
මෙම සැකකරුවන් සියලුදෙනාම ගලේවෙල පොලීසියට බාර දී ඉදිරි නීතිමය පියවර ගන්නා බව දඹුල්ල පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීහු සඳහන් කළහ.



2025 දෙසැම්බර් මස 04
258
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
400
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
387
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ත්‍රස්ත ක්‍රියාවන්ට සම්බන්ධ පුද්ගලයින් 4ක්-උපකරණ රැසක් ගලේවෙලින් අත්අඩංගුවට