( නිශාන්ත කුමාර)
මීගහකිවුල, පිටමාරුව ප්‍රධාන මාර්ගයේ ගමන්ගත් ත්‍රිරෝද රථයක් අද (04) දහවල් පෙරැළී අනතුරට ලක්වීමෙන් එහි ගමන් ගත් කුඩා දරුවකු , කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු 6 දෙනෙකු බරපතළ තුවාල ලබා රෝහල්ගත කර තිබේ.

අනතුරට පත් පිරිස මීගහකිවුල දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ඉන් තිදෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සදහා පළාත් මහ රෝහල වෙත මාරු කර යැවූ බව කන්දකැටිය පොලීසිය පවසයි.
සිද්ධියෙන් රෝහල් ගතකර ඇත්තේ උත්සවයක් සදහා මීගහකිවුල නගරය වෙත පැමිණෙමින් සිටි මීගහකිවුල පොල්වත්ත ප්‍රදේශයේ පදිංචි පිරිසකි.
අධික බෑවුම් සහිත මාර්ගයේ ගමන්ගත් ත්‍රිවීල් රථයේ වේගය පාලනය කරගත නොහැකි වීමෙන් අනතුරු සිදුවන්නට ඇතැයි පොලිසිය සැක කරයි.
අනතුර සම්බන්ධයෙන්යෙන් කන්දකැටිය පොලිසිය වැඩි වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd