IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


‘ත්‍රි’මලේ තෙල් ටැංකි රජය සතුව තබා ගැනීමේ තීරණයේ වෙනසක් නෑ’

(ආරියරත්න රණබාහු සහ සුජිත් හේවාජූලිගේ)

 

ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය පිහිටි ඉඩම් තවදුරටත් රජය සන්තකයේ තබා ගැනීමේ තීරණයේ කිසිදු වෙනසක් සිදුකර නැතැයි ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පාර්ලිමේන්තුවේදී අද (12) පැවසීය.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා ස්ථාවර නියෝග (27) 2 යටතේ පසුගිය දිනෙක අසා තිබූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා ඒ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ ඇමැතිවරයා කියා සිටියේ  තෙල් ටැංකි සංකීර්ණයේ පහළ කොටසේ පිහිටි ටැංකි 15ක් එල්. අයි. ඕ. සී. සමාගමේ භාවිතයට දී ඇති බවත්, එහි ඉහළ කොටසේ පිහිටි ටැංකි 85ක් සංවර්ධනය කිරීම සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ  සහ ලංකා ඉන්දියන් ඔයිල් සමාගම අතර උප සමාගමක් පිහිටුවා එයට භාරදීමට ඇමති මණ්ඩලය තීරණය කර ඇති බවත්ය.

ඊට අමතරව පහළ කොටසේ ඇති ටැංකි 16ක් එම උප සමාගම විසින් සංවර්ධනය කර තෙල් සංස්ථාවේ භාවිතය සඳහා බාරදීමට ද තීරණය කර ඇති බව ද ඇමැතිවරයා කීය.



අදහස් (2)

‘ත්‍රි’මලේ තෙල් ටැංකි රජය සතුව තබා ගැනීමේ තීරණයේ වෙනසක් නෑ’

ලක්ෂ්මන් Friday, 12 October 2018 11:29 AM

ඇමතිතුමා ඔයකියන ටැංකි වලින් ප්‍රයෝජනයක් ගන්නේ නැද්ද? ආරම්භකල තෙල් ගවේශණයේ තත්වය කොහොමද? ඔබතුමාගේ කාලයේ ඒ ගැන ශුභ ආරංචියක් අහන්න කැමතියි...

:       0       51

sarath Friday, 12 October 2018 12:24 PM

තණකොළ ලංකාවෙන්... කිරි ඉන්දියාවට ගිවිසුමක් වෙන්න ඕනෑ මගෙ හිතේ.

:       0       60

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site