(දයාරත්න ඇඹෝගම)
ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ විසින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ තිරප්පනේ ප්‍රාදේශිය සභාව සඳහා ඉදිරිපත් කරනු ලැබු නාම යෝජනා පත්‍රය අනුරාධපුර තේරිම්භාර නිලධාරවරයා විසින් ප්‍රතික්ෂේප කිරිමට විරැද්ධව අධිකරණයට යාමට පක්ෂය විසින් තිරණය කර ඇතැයි උතුරුමැද පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්.රංජිත් සමරකෝන් මහතා පවසයි.
තිරප්පනේ ප්‍රාදේශිය සභාවට ඉදිරිපත් කළ නාම යෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරිම සම්බන්ධයෙන් අද (22) කළ විමසුමේදී මෙසේ පැවසීය.
පක්ෂයේ මහ ලේකම් සාගර කාරියවසම් මහතාගේ අත්සනේ සහ දිනයේ දෝෂයක් නිසා මේ නාම යෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කළ බව අනුරාධපුර තේරිම්භාර නිලධාරයා ප්‍රකාශ කළේය.
තිරප්පනේ ප්‍රාදේශීය සභාවට ඉදිරිපත් කරපු නාම යෝජනා පත්‍රයේ මහ ලේකම්වරයාගේ අත්සන යොදා තිබෙනවා. වර්ෂය යොදා තිබෙනවා. මාසය යොදා තිබෙනවා. දිනය පැහැදිලි නැහැ කියලා තමයි ප්‍රතික්ෂේප කළේ.
මෙයින් පොදුජන පෙරමුණේ පාක්ෂිකයන්ටයි අගතියක් කළේ. එම නිසා මීට විරුද්ධව අධිකරණයට පැමිණිලි කිරිමට සියලු කටයුතු පක්ෂය විසින් තිරණය කොට තිබෙනවා.
තිරප්පනේ ප්‍රාදේශීය සභාවට ඉදරිපත් කරන ලද නාම යෝජනා පත්‍රය නැවත බල සහිත කර ගනිමින් තිරප්පනේ සියලු ආසන දිනා ගන්නා බවද රංජිත් සමරකෝන් මහතා මෙහිදි පැවසිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුමනේගෙන් හෝ ඉන්දිකගෙන් වෙලාවක් බලලා පටන් ගත්තා නම් ඔහොම වෙන්නේ නැහැ.
ඇතැම්විට ඔහු හෝ ඇය දන්නේ නැහැ කොහොමද අත්සන සහ දිනය දාන්නවත්... එම නිලධාරීන්ගේ අධ්‍යාපන මට්ටම පරීක්ෂා කළ යුතුයි.
නාමයෝජනා පත්‍රයක්වත් හරියට දිනාගන්න බැරි අයද රටේ අනාගතයට ගම හදන්න යන්නේ...?
පොහොට්ටුවට පුදුම බයක්නේ තියෙන්නේ. බොරු වරදක් හරි දාලා නාමයෝජනා නොදී ඉන්නමයි බලන්නේ...
මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක් ...
රුවන් ඔයාගේ මොලේ ප්‍රශ්නයක්ද? පොහොට්ටුවේ නොහැකියාව කණපිට පෙරලන්නද හදන්නේ? අපි ඡන්දෙදි බලමු...
මැතිවරණ කොමිසමට තිබෙන නීතියටයි.. ඔවුන් කටයුතු කරන්නේ.. යම් කිසි වරදක් නාම යෝජනාවල තිබ්බොත් එ්ක නොදැක්කා සේ ඉන්න බැහැ.
පොහොට්ටුව්යි, අලියයි, අතයි, සීනුවයි අරකයි මේකයි ගැන සිතන්නේ නැතුව කරනවායි කියනදේහෝ කරන්න බලාපොරොත්තුවන දේගැන එතරම්ම විස්වාස නොකර මේ අවුරුදු 3 ට රටට උන සේවය, පොදුවේ ජනතාවට උන සේවය, සැලකුවේ කවද කියා සොයා බලන එකය.