නාලක සංජීව දහනායක
පක්‍ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු සම්බන්ධයෙන් සෑහීමකට පත්විය නොහැකි බැවින් තමන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මධ්‍යමකාරක සභාවෙන් ඉල්ලා අස්වන බව කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තාරානාත් බස්නායක මහතා අද (3) ලංකාදීපයට පැවසීය.
ඉදිරි දිනකිහිපය ඇතුළතදී තම තීරණය ලිඛිතව පක්‍ෂයට දැනුම් දීමට කටයුතු කරන බවද මන්ත්‍රීවරයා කීය.
එක්සත් ජාතික පක්‍ෂය සමඟ ආණ්ඩුකරනතුරු ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය නිවැරදි මාර්ගයට ගැනීමට සිදුකරන ප්‍රතිසංවිධාන කටයුතු ඵලරහිත ක්‍රියාවක් බැවින් තමන් මෙම තීරණය ගත් බවද හෙතෙම කීය.
එමෙන්ම වර්තමාන රජයේ වැඩකටයුතු සම්බන්ධයෙන් සෑහීමකට පත්විය නොහැකි බවත් තමන් ඉදිරියේදී මහින්ද රාජපක්‍ෂ මහතා ප්‍රමුඛ ඒකාබද්ධ විපක්‍ෂය සමඟ එක්වී දේශපාලන කටයුතු කිරීමට තීරණය කළ බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්රී ලංකාවේ දේශපාලනය වාසි පැත්තට හෝයියා. ශ්‍රී ලංකාවේ ඡන්දදායක හරක් ඉන්නකම් මේ අය බිය වියයුතු නැත.
යන්ඩ යන්ඩ මහත්තයෝ .. චීන සපෝර්ට් එක එහෙමත් ලැබෙයිනෙ!
ඔන්න තවත් බල්ටියක්... තවත් ඡන්ද ප්‍රතිපලයක්.
ලංකාවේ ඡන්දදායකයන් ඉන්නකම් මේ අය බිය වියයුතු නැත.