IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


තීරණාත්මක කෘත්‍යාධිකාරී මණ්ඩල හමුව හෙට සිරිකොතේදී

 

( අංජුල මහීක වීරරත්න )

එක්සත් ජාතික පක්ෂයේ  තීරණාත්මක කෘත්‍යාධිකාරී  මණ්ඩල රැස්වීමක්   සිරිකොත පක්ෂ මුලස්ථානයේදී  හෙට (29) පැවැත්වේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව  ඉදිරිපත් කර අති  විශ්වාසභංහ යෝජනාවට මුහුණ දෙන ආකාරය පිළිබඳව  කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී  සුවිශේෂි අවධානයක්  යොමු කිරීමට නියමිත බව එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු පැවසීය.

එක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංවිධාන යෝජනා ලබා ගැනීම සඳහා  පත්  කෙරුණ  රුවන් විජයවර්ධන කමිටු වාර්තාවද මෙදින කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී ප්‍රමුඛත්වය ලැබෙනු ඇත්තේ  විශ්වාසභංගය පරාජය කිරීමේ  සාකච්ඡා පිළිබඳව බව දැනගන්නට ඇත.

කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමෙන් අනතුරුව එක්සත් ජාතික පෙරමුණු නායකයන්  සහ අගමැති  අතර හමුවක්  අරලියගහ මන්දිරයේදී හෙට (28) සවස  පැවැත්වීමට නියමිතය. 



අදහස් (3)

තීරණාත්මක කෘත්‍යාධිකාරී මණ්ඩල හමුව හෙට සිරිකොතේදී

සතයපාල Wednesday, 28 March 2018 12:20 PM

තීන්දුව පැහැදිලියි. රනිල්ගේ අගමැති කමයි, පක්ෂ නායක කමයි දෙකම රැකෙයි. ඔය කෑ ගහන පොඩි අයට නියෝජ්‍ය නායකකම්, උප නායකකම්, ජාතික සංවිධායක, තරුණ සංවිධායක වගේ සිනීබෝල ටොෆි ටිකක් විසි කරයි. රනිල් ඇතුළු රෝයල් ටීම් එක පුරුදු පරිදි ගේම ගහයි.

:       0       80

සිරිමල් Wednesday, 28 March 2018 01:01 PM

එජාපයට කතාකරන්නට බොහෝ කරුණු කාරනා ඇත. දැඩිලෙස ජනතා අප්‍රසාදයට පත්කර ඇති අගමැති වරයාට එරෙහිව ඉදිරිපත්වී ඇති විශ්වාශ භංගයයේ යටි අරමුණ ජනාධිපති වරයා වෙනස් කිරීමයි.19 වන සංශෝධනයට අනුව විශ්වාසභංගයක් ඉදිරිපත් කළ හැක්කේ ආණ්ඩුවටම එරෙහිවය. ඒකාබද්ධ විපක්ෂය විසින් ඉදිරිපත් කරන ලද විශ්වාසභංගය ඔවුන් ජයගතහොත් සමස්ත කැබිනට් මණ්ඩලයම ඉබේම අහෝසිවේ. එවිට විපක්ෂයට නව කතානායකවරයෙක් පත් කර, ඒ හරහා ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට පිළිවන. එවිට ජනාධිපතිවරණයකට යාමට රජයට සිදුවේ. මීලග ජනාධිපතිවරණයේ දී ඒකාබද්ධ විපක්ෂය නියත වශයෙන්ම ඉදිරිපත් කරනුයේ ගෝඨාබය රාජපක්ෂයි. දැනට මෛත්‍රී පිළ නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් ගණනාවක් ගෝඨාබය රාජපක්ෂට කැමැත්තක් දක්වා ඇති බවද කියති.

:       50       27

Raveendra Wednesday, 28 March 2018 03:36 PM

මම වෙමි සදාකාලික නායකයා. සදාකාලික නොවූ ලොව තුළ සදාකාලික නායකයා ...

:       0       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 448 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 248 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1036 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site