IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


තඹුත්තේගම විරෝධතාවයෙන් අත් අඩංගුවට ගත් 50 දෙනෙකු රිමාන්ඩ්

උපාලි ආන්නද
 
තඹුත්තේගම නගරයේ පැවැති විරෝධතාවය අතරතුර අධිකරණ නියෝග කඩ කරමින් කලහාකාරි ලෙස හැසිරෙමින්  තඹුත්තේගම මූලස්ථාන පොලිසියේ දේපල වලට  අලාභ සිදු කිරීම ඇතුලූ චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් තඹුත්තේගම පොලිසිය පුද්ගලයින් 59 දෙනෙකු අත් අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළේය.

 
අත් අඩංගුවට ගත් පිරිස අතර සැකකරුවන්  54 ක්  සහ සැකකාරියන් 5 දෙනෙකු සිටින අතර සැකකරුවන් 48 දෙනෙකු සහ සැකකාරියන් 2නෙකු මේ මස (7) වැනිදා  දක්වා රිමාන්ඩ් කරන ලෙස තඹුත්තේගම මහේස්ත‍්‍රාත් චමිලා නදීශානි මහත්මිය අද (28) රාත‍්‍රී 10. 45 ට නියෝග කළාය. 
 
සැකකරුවන් සියලූ දෙනා ඕනෑම ඇප කොන්දේසියක් මත මුදා හරින්නැයි ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් දීර්ඝව කරුණු දක්වමින් කළ ඉල්ලීම් සියල්ල තරයේ ප‍්‍රතික්ෂේප කරමින් මෙසේ  නියෝග කෙරිණ.
 
සෙසු සැකකරුවන් හය දෙනා සහ සැකකාරියන් තිදෙනා ශරීර ඇප මත මුදා හරින ලෙසටද මහේස්ත‍්‍රාත්වරිය නියෝග කරනු ලැබුවාය.  
 
පැමිණිල්ල වෙනුවෙන් තඹුත්තේගම සහකාර පොලිස් අධිකාරි පරාක‍්‍රම ඒකනායාක මහතාගේ උපදෙස් මත තඹුත්තේගම මූලස්ථාන ප‍්‍රධාන පොලිස් පරික්ෂක සමන් ප‍්‍රියන්ත මහතා ඇතුලූ නිලධාරීන් කණ්ඩායමක් පෙනී සිටි අතර සැකකරුවන් වෙනුවෙන් නීතිඥ උත්තරා අබේසිංහ මහත්මිය පෙනී සිටියාය.
 
තඹුත්තේගම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ පවත්වයි.



අදහස් (1)

තඹුත්තේගම විරෝධතාවයෙන් අත් අඩංගුවට ගත් 50 දෙනෙකු රිමාන්ඩ්

sunanda Thursday, 01 March 2018 03:07 AM

යාපනේ නෙවෙයිනේ.. උද්ඝෝෂණ කරන්න එපා.. ඔයාලට කිරි පැකට්.. බනිස් ලැබෙන්නේ උතුරේ විතරයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 36 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 124 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site