ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජන්ම දින සැමරුම් උළෙලේදී සිදුකළ අනුශාසනාවේදී ‘මිල්ටරි, හිට්ලර්‘ යන වචන සඳහන් කරමින් තමන් වහන්සේ කළ ප්‍රකාශ පිළිබඳ මේ වන විට රට පුරා විවිධ පුද්ගලයින් විවිධ අයුරින් අර්ථ දැක්වීම සම්බන්ධයෙන් සිය කණගාටුව පළ කරන බව අස්ගිරි පාර්ශවයේ අනුනායක වේඬරුවේ ශ්‍රී උපාලි නා හිමියෝ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළහ.
එදින සිදු කළ දීර්ඝ ධර්මදේශනයේදී අන්තර්ගත වු හිට්ලර්, මිලිටරි යන වචන දෙක පමණක් ගෙන රටේ ප්‍රධාන දේශපාලන නායකයින් බෞද්ධ භික්ෂුවකට නොගැලපෙන ප්‍රකාශක් කළා යැයි මත ඉදිරිපත් කිරීම පිළිබඳ තමන් වහන්සේ කණගාටුව ප්‍රකාශ කරන බවත්, තම තමන්ගේ දේශපාලන මතවලට අනුව තමන්වහන්සේ කළ ප්‍රකාශය අර්ථ ගැන්වීම තව දුරටත් නොකළ යුතු වරදක් බවද උන්වහන්සේ එම නිවේදනයෙන් දක්වා සිටී.
එම නිවේදනය පහතින් දැක්වේ .


COMMENTS
භික්ෂූන් වහන්සේලා දේශපාලකයන්ට කඩේයන්නේ නැතිව ශාසනය වෙනුවෙන් ධර්මය දේශනා කර නිවන් මග පහදා දෙනවා නම් යහපත් නොවේද?
දුර දිග නොබලා කතා කරන්න ගියහම ඔහොම වෙනවා.
මම බෞද්ධයෙක්. ඒත් කියන්න කණගාටුයි අපේ හාමුදුරුවරු තමන්ගේ ප්‍රධානම කර්තව්‍යය අමතක කරලා පුද්ගලික ලාභ ප්‍රයෝජන වෙනුවෙන් දේශපාලකයින්ට කඩේ යනවා. මිනිසුන්ගේ සිත්සතන් නිවීම වෙනුවට අවුලවනවා. මේ කියන නායක හිමිවරු ලඟ නොවේ, උතුම් බුදුදහම රැඳෙන්නේ. මේ ගොල්ලෝ සැපවිඳිමින් කඩේ යන්නේ... මේක හිමිනමක් කළයුතු ප්‍රකාශයක්ද? ඒකාධිපතියෙකුගේ පාලනයකට මේ රට දෙන්නද කියන්නේ? මිනිසුන්ගේ සිව්පසය ගන්න ඔබවහන්සේලා, දේශපාලන හොරුන්ට කඩේ යාම උතුම් බුදුදහමට අපහාසයක්...
ස්වාමින්වහන්ස, ඔබ වදාල "ධර්මය" ගෝඨාභයගේ සිත සතුටු කළාට, එය පිළිකුලෙන් හෙළාදකින කෝටි ගණනක් බෞද්ධ අබෞද්ධ ජනතාවක් මේ සක්වල පුරාම ඔබවහන්සේ විසින්ම නිර්මාණය කර හමාරයි! දැන් පුවත්පත් මගින් කණගාටුව ප්‍රකාශ කරාට කිසිම පලක් නැත. උගත්, බොදු ලොවේ විශාල තනතුරක් දරන ඔබ කෙසේ වෙතත්, සාමනේර හිමිනමකගෙන් මුවකින් පවා පිටවිය නොවියයුතු වදන් කිහිපයකින් දැනටමත් ගෝඨාභය ඒකාධිපතියෙක් කර හමාරයි.
දේශපාලනය කියන මඩ ගොහොරුවට බැහැලා චීවරය කිලිටි කරගන්නේ නැතුව දානේ වළඳලා, පින් අනුමෝදන් කරලා ආපහු පන්සලට වැඩියා නම් ඉවරයිනේ අපේ හාමුදුරුවනේ !
අවසරයි, ඔබවහන්සේ තවත් කෙනෙකුට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරපු අවස්ථාවක එතුමා "ජාතියේ පියා" කියලත් අනුදැනවදාලා නේද අපේ අනුනායක හාමුදුරුවනේ? ඒ උපදේශය අහනතුරු අපේ රටට නිදහස ලබාදීම සඳහා මුල්වී කටයුතු කල ඩී.එස්.සේනානායක ශ්‍රීමතාණෝ තමා "ජාතියේ පියා" හැටියට අපි ඉගෙනගෙන හිටියේ. ඒ වගේම ඔබ වහන්සේ මතක් කරදෙන තෙක් ඇඩොල්ෆ් හිට්ලර් කියන්නේ " ජර්මනියේ නාසි ව්‍යාපාරය ආරම්භ කර එරටේ සිටිය ජන කොටස් ආගමික හේතුවක් උපයෝගී කරගෙන සමූල ඝාතනය කළ කෘෘර නායකයෙක්" කියලයි අපි කියවපු පොත්පත් වල ලියවෙලා තිබුනේ. " කෙලින් වැඩ කරපු" නායකයෙක් කියලා නම් නෙවෙයි අපේ අනුනායක හාමුදුරුවනේ. දැන් අර "ජාතියේ පියා" ලෙසට විරුදාවලියකින් පුදනු ලැබූ කෙනාම කියලා තියෙනවානේ අපේ අනුනායක හාමුදුරුවනේ " හිට්ලර් ඍජු තීරණ ගත්තු නායකයෙක්. ගෝඨාභයත් ඒ වගේ තමා" කියලා. සමහරවිට අර හමුදා මූලස්ථානය චීනෙට සින්නක්කර විකිණීමට කාගෙන්වත් අහන්නේ බලන්නේ නැතුව දවසෙන් දෙකෙන් "ඍජු තීරණයක්" ගත්තු එක ගැන වෙන්න ඇති ඒ කියල තියෙන්නේ. ඒවගේ නායකයෙක්ද අද අපේ රටට අවශ්‍ය අපේ අනුනායක හාමුදුරුවනේ? අවසරයි...
අස්ගිරි පාර්ශවය කියන්නේ මහින්දගේ නිකාය බව කොහොමත් ලංකාවේ මිනිස්සුන්ට තේරුම් ගියා. පහුගිය කාලෙ කියුම් කෙරුම්වලින්... දීර්ඝ නිවේදනවලින් ඒවා වහන්න බෑ.
ඔබවහන්සේ කල ප්‍රකාශය සමඟ ගැටෙනෙත්, එය පටු දේශපාලන වාසිතකා යොදවාගන්නෙත් , ජාතියක් ජන්මයක් නැති , රටගැන හැගීමක් නැති පුහු දේශපාලකයින් සහා තවමත් තමන් කරපු වැරදීම තේරුම්නොගත් නුගත් ශ්‍රී ලාංකිකයන් පමණි. විශේෂයෙන්ම 2020 ජනාධිපතිවරනෙට ඉදිරිපත්වෙන්න ඇඟිලි ගනින කට්ටියත් හරිම බයෙන් ඉන්නේ ගොඨාභයට, එයාලට කරන්න පුළුවන් එකමදේ ''මඩ ගැසීම'' පමණි. ඒ වගේම මහින්දගේ වටෙත්, විපක්ෂයේත් ඉන්නවා හොරාකන අය... එයාලත් බයයි ගොඨාභයට. එ් නිසා තම්යි මෙච්චර දඟලන්නේ.
හාමුදුරුවෝ හිතන්නේ ලංකාවේ ඉන්න සේරම තනකොළ කන හරක් කියලද? හාමුදුරුවොත් දැන් වැරදි අර්ථකථන දෙනවා. ගෝඨාභය හිට්ලර් කෙනෙක් වගේ මේ රටේ දෙමළ මුස්ලිම් සහ වෙනත් ජාතින් විනාශ කරලා රාජපක්ෂ පවුල රජ කරවන්න තමයි කැමැති...
මේ නායක හිමිට අමතකයි... මාලිගාව වටේ කාර් රේස් පැදපු හැටි............
මොන විදියකින් හරි ඔබවහන්සේට යමක් දැනී තිබෙනවා. එය අවංකව වදාළ එක ගැන අපි සතුටු විය යුත්තෙමු.
හාමුදුරුවන් දේශපාලනය නොකර හිටියානං ඔහොම වෙන්නැහැ.
කඩේ ගිහින් මල්ල මිනිස්සු දැක්කාම ලජ්ජා හිතිලා
ඔයා මොනවා කිව්වත් දැන් කියපු එක කියලා ඉවරයි. ලංකාවේ අංක එකේ අයෙකුට අවනීතිය ප්‍රසිද්ධියේ ක්‍රියා කරපු කෙනෙකුට මෙහෙම අපරාධවලට ජීවය සපයන චීවරධාරීන් ඉවත් කරන්න ඕනෑ. රටේ දුක්විඳින ජනතාව ගැන අබමල් රේණුවකවත් හැඟීමක් නැති මෙවන් අය කුමකටද? ඍජු ප්‍රතිපත්ති තිබිය යුත්තේ රටේ සුබ සිද්ධියට මිස අපරාධ හොරකම් හෙළිකරන අය මරාදමන පාලනයකට නොවේ.
චීවරය දරාගත් අයගේ සැබෑ ස්වභාවය මෙයින් පෙන්නුම් කරනවා.
කවුරුත් වැරදි අර්ථකතන දුන්නේ නැහැ. මුළු ලෝකයම වීඩියෝ එක බැලුව. අපි හිතුවේ ලැජ්ජාවක් නැත්තේ දේශපාලකයින්ට විතරයි කියල.
ඔබ වහන්සේ බුද්ධ දේශනාවත් පටලවනවා. ඔබ වහන්සේට කියන්ට හොඳ නම් අපට විවේචනය කළ හැකියි.
දහම් පාසල් වලට, ළමයින්ව නොඑවන්නේ පන්සල් ඇතුලේ ඉන්න හිට්ලර්ලා නිසා ප්‍රභූන්ට පමණයි. ගරු සැලකිලි, ධනය දෙමින් ගමයි, පන්සලයි රකින්නේ. සාමාන්‍ය වැසියන්ට... හිට්ලර් අාවොත්!!! මේ මිනිසුන්ට කාගේ පිහිටක්ද?
සමහරු හිතන් ඉන්නේ රට හදනවා කියන්නේ පාරවල් හදන එක කියලා. තමන්ගේ හෙන්චයියන්ට අත යට ගනුදෙනුවලට කොන්ත්‍රාත් දෙමින් සමස්ත ක්‍රියාවලියම උඩු යටිකුරු කරමින් රටේ පාරවල් හදන එක නොවේ රට හදනවා කියන්නේ. සියලු ජනතාව දැනුවත් කරමින් රටේ නිෂ්පාදනය වැඩි කර කාර්යක්ෂම සාධාරණ සමාජයක් සැමට නැගී සිටිය හැකි සමාජයක් සැදීමයි රට හදනවා කියන්නේ. අපි දන්න ගෝඨලා පාරවල් හැදුවා මිසක් රට නම් හැදුවේ නැහ.
කවුරුත් වැරදි අර්ථකතන දුන්නේ නැහැල්ලු හරි තමන් ත්රුම් ගත්ත විදිහටයි අර්ථකතන දුන්නේ. එකයි මම කියන්නේ අපේ හාමුදුරුවෝ කීවානම් වසවර්තියා හරිකමක් නැහැ රට හදනවානම් කියලා මේගොල්ලන්ට කට උත්තර නැහැ හාමුදුරුවනේ. හිට්ලර් කීවගමන් මිනිසුන්ට ගෑස් කාමර පෙනෙන්න ගන්නවා. එතනයි ප්‍රශ්නය. හැබැයි මෙරට හිට්ලර්ටවත් හදන්න බැහැ ඒ තරමට ආරාජිකයි හාමුදුරුවනේ.
භය හිතුනද? භය හිතුනද කියලා අහනවා ජීවන් එයාගේ උගත් කමේ හැටියට හාමුදුරුවන්ගේ කතාවේ සන්තර්භය තේරුම් ගත්ත හැටි ඒ . එයාට අනුකම්පාකරන්න.
"තම තමන්ගේ දේශපාලන මතවලට අනුව මා කල ප්‍රකාශය අර්ථ ගැන්වීම තව දුරටත් නොකල යුතු වරදක් ලෙසද දන්වනු කැමැත්තෙමු." මේ මොකක්ද ? වැරදි ප්‍රකාශ කරල, දැන් එනවද විවේචනය කරන අය වැරැද්දක් කරන්නෙ කියන්නත් ?
මේ ප්‍රකාශය අහම්බයක් නොවේ. රටේ අනාගතය ගැන බියකරු චිත්‍රයක්...
විවේචනය කරන එකත් වරදක්ලු.
මේ වගේ දේශපාලුවන්ට රෙදි නැතුව කඩේ යන අය නිසා තව ටික දවසකින් අහිංසක හමුදුරුවරුන්ටවත් මිනිස්සුන්ගෙන් දානේ නැතුව යාවි