(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව තුළ නිල නොවන මට්ටමින් ක්‍රියාත්මක වන වැඩ වර්ජනයක් හේතුවෙන් මධ්‍යම තැපැල් හුවමාරුවේ ලිපි ගොඩගැසී ඇති අතරම ඖෂධ බේදාහැරීම් අඩාල වීමේ තත්වයක් උද්ගත වී ඇති බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පැවසීය.
තැපැල් දෙපාර්තමේන්තුවේ කටයුතු ඊයේ (01) ආරම්භ කළ ද තැපැල් වෘත්තීය සමිති ඉල්ලීම් කරමින් සිටින බවත් රට නැවත ලබන 7 වැනිදා විවෘත කරන තෙක් සේවය කළ නොහැකි යැයි ඔවුන් පවසන බවත් තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පැවසීය.
තැපැල් වෘත්තීය සමිති සමඟ ඊයේ පැය කීපයක් සාකච්ඡා කළ ද සාර්ථක නොවූ බවත් හැකි උපරිමයෙන් දෙපාර්තමේන්තුවේ කටයුතු මේ වන විටත් ක්‍රියාත්මක කරමින් සිටින බවත් තැපැල්පති රංජිත් ආරියරත්න මහතා කීය.
COMMENTS
මෙය පුද්ගලීකරණය කරන්න.
පිටරට වලින් ආපු බඩුවලට බුදු සරණයි එහෙනම්... ඕකේ ඉන්නේ පට්ට හොරු...
මේ මිනිස්සු මේ කරන්නේ බොහෝම පහත් වැඩක්.. කොරෝනා නිසා පරිස්සම් වෙන්න නොවේ.. මෙයාලා වැඩ නොකර නිකන් ඉන්න බලන්නේ. අනික බොරදියේ මාලු බාන්න. තැපැල් දෙපාර්තමේන්තුව විතරක් නෙමේ .. ලංකාවේ කොතැනත් මේ තත්වයම තමයි. රටේ නායකයන්ගේ විතරක් නෙමෙයි වැරැද්ද... ශ්‍රී ලංකාවේ ගොඩක් මිනිස්සුන්ගේ ආකල්පවල වැරැද්ද..