චන්දන ප‍්‍රනාන්දු
වයික්කාල අලුත්තොට මාර්ගයේ මහජනයාට පීඩාවන ආකාරයෙන් යතුරුපැදියක් පදවා මාර්ගයේ ගමන් ගත් ත‍්‍රීරෝද රථයක ගැටී එහි ගමන් ගත් කාන්තාවකට හා කුඩා දරුවෙකුට තුවාල කිරිම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ තරුණයකුට මාරවිල මහෙස්ත‍්‍රාත් කේමින්ද පෙරේරා මහතා රුපියල් 104,000 දඩයක් නියම කළේය.
ඉකුත් මැයි 27 වැනි දා වයික්කාල අලුත්තොට මාර්ගයේ ට්‍රේල් වාර්ගයේ යතුරුපැදියක නැගී එය තනි රෝදයෙන් පදවමින් මාර්ගයේ ගමන් ගත් ජනතාවට අවහිරයක් ලෙස යතුරුපැදිය පදවමින් සිටියදී මෙලෙස ත‍්‍රීරෝද ගැටී ඇති බව පොලිසිය කීය.
අනතුරෙන් තුවාල ලැබු කාන්තාව හා කුඩා දරුවාව රෝහල් ගත කළ බව පොලිසිය කීය.
සැකකාර යතුරුපැදිකරුව එදිනම අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මත මුදාහැර අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.
මෙලෙස දඩයක් නියම වුයේ දකුණු මිරිස්සන්කොටුවේ පදිංචි ඩබ් ජේනුක මල්ෂාන් නැමති 18 හැවිරිදි තරුණයකුටය.
COMMENTS
නියම දඬුවම .අපේ පැත්තෙත් ඉන්නවා ඔය වගේ මොළේ අමරුකාරයෝ. පොඩි ළමයකුට පාරේ යන්න බැහැ. ගරු අධිකරණට හිස නමා ආචාර කරනවා .
දැන් අසනීප තත්වය බොහෝ දුරට සුව වෙලා ඇති
තරුණ කාලය හපන්කම් පෙන්වන කාලයක්. ඒවා පෙන්වන්න වෙනත් මාර්ග වලට යොමුකරන්න ඕනේ. අවාසනාවකට අපේ රටේ තරුණයින් හරි මගකට යොමුකරන්න ක්‍රමවේද නැහැ.එක රජයෙන් කලයුතු කාර්යක්.අර 225 සා.පෙ අසමතුන් 94 ඉන්නකොට මොන කතාද!
මේ වගේ අයට බෙහෙත් කොරන්න පුළුවන් දොස්තරලාට නොවෙයි පාරේ ඉන්න මිනිසුන්ට.