(ඉන්දිකා රාමනායක)
කොළඹ නගරය ඇතුළු බස්නාහිර පළාත තුළ තැන තැන කසල බැහැර කළ පුද්ගලයින් 454 දෙනකු අද (26) වනවිට අත්අඩංගුවට ගත් බව පොලිස් මුලස්ථානය කියයි.
ශි‍්‍ර ලංකා යුද හමුදාව සහ පොලිසිය එක්ව සිදුකළ ඒකාබද්ධ මෙහෙයුම් වලදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබුණි.
මින් වැඩිම පිරිසක් අත්අඩංගුවට ගෙන තිබුණේ ගම්පහ ප‍්‍රදේශයේ වන අතර එම පිරිස 95 කි.අත්අඩංගුවට ගත් සෙසු පිරිස මෙසේය. කොළඹ උතුර ප‍්‍රදේශයෙන් 57 ද, කොළඹ මධ්‍යම ප‍්‍රදේශයෙන් 68 ද, කොළඹ දකුණ ප‍්‍රදේශයෙන් 33 ද, නුගේගොඩ 53 ක් ද, ගල්කිස්ස ප‍්‍රදේශයෙන් 9ක් ද, කැලණිය ප‍්‍රදේශයෙන් 56 ක් ද, මීගමුව ප‍්‍රදේශයෙන් 30 ක් ද, පානදුර ප‍්‍රදේශයෙන් 53 ක් ද වශයෙන් මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබුණි.
COMMENTS
මට හිතෙන විදියට මේක පිටි පස්සෙන් ඉන්නේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්....