IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


තෙත් බිම් දිනය වෙනුවෙන් මුද්දර 10 ක්

(විනීතා එම් ගමගේ)
 
ලෝක තෙත්බිම් දිනය නිම්ත්තෙන් තෙත් බිම් හා ආවේණික ශාක ඇතුළත් මුද්දර 10 ක් නිකුත් කිරීමට නියමිතය.
 

ඒ නිමිත්තෙන් සඳුදා  (03 )  මධ්‍යම පරිසර අධිකාරිය හා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් බත්තරමුල්ල අපේ ගම පරිශ‍්‍රයේ පෙරවරු 8.30 ට සමරු උත්සවය පැවැත්වෙයි.

 
‘ජෛව විවිධත්වයෙන් සපිරුණු තෙත් බිම‘ මෙවර  තේමාවයි.  මෙම උත්සවයේ දී දීප ව්‍යාප්ත තෙත්බිම් සිතුවම් තරඟාවලියේ ජයග‍්‍රාහකයින්ට ත්‍යාග සහ සහතික ප‍්‍රදානය තෙත්බිම් පාරිසරික කඳවුරේ විවිධ ඉසව් වලින්ජයගත් ජයග‍්‍රාහකින්ට ත්‍යාග සහ සහතික ප‍්‍රදානය මෙන්ම සොබාකෙත නවතම කලාපය හා තෙත් බිම් ශ්‍රී ලංකා සඟරාව එළි දැක්වීම ද මෙම උත්සවයේ දී සිදු කෙරෙනු ඇත.

 
1971 පෙබරවාරි 2 වැනිදා ලෝක තෙත්බිම් සම්මුතිය අස්සන් කරන  ලද්දේ ඉරානයේ රැම්සා නුවරදීය. මේ වනවිට තෙත්බිම් සංරක්ෂණයට උනන්දු වන රටවල් 171 ක් රැම්සා තෙත්බිම් සම්මුතියට අස්සන් තබා තිබේ.

 
ජාතික පාරිසරික පනත යටතේ මේ වනවිටත් නුවරඑලිය ග්‍රෙගරිවැව, මුතුරාවෙල, තලංගම වැව, වලව්වවත්ත වතුරාන, බොල්ගොඩ වැව යන තෙත් බිම් මේ වනවිටත් ආරක්ෂිත ප‍්‍රදේශ ලෙස ප‍්‍රකාශයට පත් කර ඇති අතර ඉදිරියේ දී තවත් තෙත්බිම් ගණනාවක් සංරක්ෂණය කිරීමට  සුදානම් බවද මධයම පරිසර අධිකාරියේ සභාපති එස් අමරසිංහ මහතා ලංකාදීපයට පැවැසීය.



අදහස් (2)

තෙත් බිම් දිනය වෙනුවෙන් මුද්දර 10 ක්

chathuri Friday, 31 January 2020 12:45 PM

ලංකාවේ වැඩියෙන්ම හොරාකාපු කට්ටියගේ මුහුණත් මුද්දරයකට දැම්මා නම් ඉපදෙන්න ඉන්න පොඩි දරුවන්ට දැනගන්න පහසුයි.

:       0       1

ferna Friday, 31 January 2020 12:53 PM

මුද්දරවලට සීමාවුණු අපේ තෙත් බිම්... අහෝ!!! 

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 263 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 404 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 388 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site