(තරිඳු ජයවර්ධන)

පොලිස් විමර්ශනයකට අදාළ සැකකරුවකු වෙනුවට ඔහුගේ පුතා බොරැල්ල කොට්ඨාස දූෂණ මර්දන ඒකකයෙන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා ලංකාදීපයට පැවසීය.

සැකකරු වෙනුවට ඔහුගේ පුතා අත්අඩංගුවට ගැනීමෙන් පසු ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ මැදිහත් වීමෙන් මුදා හැරීම ගැන ලංකාදීපය   වාර්තා කළේය. කිසිදු හේතුවක් නිසාවත් සැකකරු වෙනුවට වෙනත් පුද්ගලයකු අත්අඩංගුවට ගත නොහැකි බව නියෝජ්‍ය පොලිස්පතිවරයා කීවේය.

සැකකරු වෙනුවට බොරැල්ල කොට්ඨාස දූෂණ මර්දන ඒකකයෙන් අත්අඩංගුවට ගත් දරුවා කොළඹ ප්‍රධාන පෙළේ පාසලක 10 ශ්‍රේණියේ ඉගෙනුම ලබයි.