(නිමන්ති රණසිංහ)
රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතන සිද්ධියට අදාළව සැක කටයුතු දුරකතන අංක කිහිපයක් හඳුනාගෙන ඇති බවත් එම අංක හිමි සැකසහිත පුද්ගලයින්ගේ අනන්‍යතාවය සහ ක්‍රියාකාරකම් තහවුරු කරගැනීමට රාජ්‍ය ආයතන කිහිපයකින් විස්තර ලබාගෙන විමර්ශන ආරම්භ කර ඇති බවත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අද(8) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ජෙයරාම් ට්‍රොස්කි මහතා ඉදිරියේ කරුණු වාර්තා කළේය.
අනාවරණය වී ඇති සැක සහිත පුද්ගලයින්ගේ අනන්‍යතාවය සහ ක්‍රියාකාරකම් තහවුරු කරගැනීමට ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන්, පුද්ගලයින් ලියපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන්, මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් හා මැතිවරණ කොමසාරිස් කාර්යාලයෙන් ද එම විස්තර ලබාගෙන විමර්ශන කටයුතු කරගෙන යන බව ඔවුන් වැඩිදුරටත් දැන්වීය.
COMMENTS
ඡන්දයක් ළඟ එනවා වගේ..! අපි රැවටෙයි ඕවට.
මෙන්න තාජුදීන්.... ආයිත් පටන් ගන්නයි යන්නේ !!!
ඡන්දේ ලඟයි.. කට්ටිය රැවටෙන්න ලෑස්ති වෙන්න.
තව මාසයක් වගේ යනකොට ගොඩක් දේවල් හමුවෙයි.
මේ බයිලා අහලම එපා වෙලා. එදා ඉඳන්ම කියන්නේ එකම දේ. හිටපු අතිදක්ෂ ක්‍රීඩක තාජුඩින්... ඒ වගේම ලසන්ත වික්‍රමතුංග මරන්න වුවමනා වුණේ කාටද කියලා කවුරුත් දන්නා ප්‍රසිද්ධ රහසක්. එහෙත් මේ කපේදී ඒවාට දඬුවම් නෑ. නිකං කාලෙන් කාලෙට රටට බොරුවට පෙන්වනවා.
වාහනේ හොයාගත්තා. මරලයි කියල තහවුරු වුණා . දුරකථන අංකත් හොයාගත්තා. ඉතින් රටට පව් දෙන්නේ නැතුව අල්ලන්නකෝ මිනීමරුවො ටික...
මැතිවරණයක් කිට්ටු වෙනකොට තාජුඩීන් මතක් වෙනවා. ඒ මැරුණු කෙනාටත් නින්දාවක් මේ කරන්නේ. වැරදි කාරයෝ අල්ලලා දඬුවම් දෙන්න තරම් කොන්දක් මෙයාලට නැහැ.
එකක් ... අර බාල තෙල් නැවේ නොම්මරය !!!
අරලියගහ මන්දිරයේ නොම්මර ඔතන නැහැ නේද ?
කොච්චරකල් ඉදන්ද පරීක්ෂණ පවත්වන්නේ? තවමත් බැරි වුනාද මිනීමරුවෝ අල්ලන්න? පොඩි මිනිහෙකුගේ දෙයක්නම් කොහොමද?
දැන් නම් නියත වශයෙන්ම පළාත් සභා මැතිවරණය පැවැත්වේවි.
දැන් නම් මටත් තේරෙනවා මේ යහපලෙනේ කරන්නේ ලොකු ප්‍රෝඩාවක් කියල. ඊලග චන්දයෙන් ජනාදිපතිව අනිවාරේයෙන්ම නෙරපන්න ඕනේ!
නීතිය කාටත් පොදු නිසා ඝාතකයින් සොයා දඬුවම් දිය යුතුයි
මේ බොරුව ඊළඟට එන්නේ මහා චන්දෙට පෙර මහා ලොකුවට, අර කට්ටියගෙන් කෙනෙක් දෙන්නෙක් ඇතුලටත් ගනී, චන්දෙන් පස්සේ කොහොමත් නිදහස් නේ, අපි මොන ඔල මොට්ටටල ජාතියක්ද වෙන්න ඕනද දේශපාලකයෝ අපි ගැන මෙහෙම හිතන්න. එයාලගේ හිතේ අපි චන්දෙ දෙයි කියල මෙහෙම කරපුවම. ඒවුනත් ඒගොල්ලෝ කොහොමත් උගත් අය නෙමේ නේ, ඒ නිසා එයාලට එහෙම හිතෙන එක පුදුමයක් නෙමේ නේද.
මෙන්න අයෙත් තාජුඩින් එනොඕ ......මෙන්න අයෙත් යහපාලන සංදර්ශනේ පටන් ගන්නකොට කියපු කියපු බයිලා අයෙත් කියනවෝ.......... ඔය බයිලා ඇතියෝ .......
.තාජුඩීන්..තාජුඩීන්...තාජුඩීන්..අනේ මෙහෙමත් විකාරයක්.
මම බැලුව මොකද එන්න පරක්කු කියල . ඔය නැතුව කොහොමද මචන් චන්ද කරන්නේ .?
ඔන්න බබෝ ඡන්දයක් එනවෝ. මැරුණ තාජුඩීන් නැගිටිනවෝ
මේක තමා දැන් අපිට තියන ලොකුම ප්‍රශ්නේ..හාහ්..හාහ්..
මේ අපේ රටේ දේශපාලනඥයෝ නම් මහා විලි ලජ්ජා නැති ජාතියක්.
ප්‍රසිද්ධ මිනිමැරැමකදි අදාල වැරදිකරැවන් ඇල්ලිමට මෙිතරමි කලයක් ගතකරන පරික්ෂකයිනි, අධීකරණ නිළධාරියනි, ඔබලාගේ නිවට නියාලු මරි මෝඩ අමන බුරැ හැසිරිම අජුකයි. ජනතාව රවටමින් ගන්රැනා වැටුපෙන් දරැවන්ට කන්න දෙනවා නේද, තොපේ වෘත්තිමය භාවය මෙිකද
මෙය ඉක්මන් කරනවම් හොඳයි. හැබැයි කලබල වෙලා, හරි සාක්ෂි ඉදිරිපත් නොකර ගැලරියට වැඩ කලොත්, නඩුව විසි වෙයි. කලබල කරන අය අතරේ නඩුවට සම්බන්ද කට්ටිය ඇති.
තාජුදීන් වර වර තාජුදීන්, පලාත්පාලනන් වර වර පලාත්පාලනන්! ඕන් රීන් පුහ්!
මේ ආණ්ඩුව දැනට කරන කියන දේ ගැන අපිට දැනෙන්න ගන්නේ දැන්ම නෙවෙයි එක අපි කාටත් තේරෙන්නේ නැ
විමර්ශන කටයුතු කරගෙන කරගෙන යන්න. අවසානයක් නැනේ .
ඡන්දයනම් දැන් ෂුවර්...