(අනීෂා මානගේ)
විරෝධතාවයක් හේතුවෙන් තංගල්ල උසස් තාක්ෂණ ආයතනය නැවත දැනුම්දෙන තුරු වසාදැමීමට විද්‍යාලයේ පාලන අධිකාරිය අද (25) දහවල් තීරණය කර ඇත.
එම විද්‍යාලයේ පාලන අධිකාරියට එරෙහිව විද්‍යාලයේ දෙවැන වසරේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිරිසක් විසින් අද (25) උදෑසන සිට විරෝධතාවයක නිරත විය.
විද්‍යාලයේ ආරක්ෂක නිළධාරින්ගේ නොසැලකිලිමත්කම හේතුවෙන් ගේට්ටුව තුළින් ඇතුළු වූ විරෝධතාකරුවන් විද්‍යාල භූමියේ කළුකොඩිවැල් ඔසවා විරෝධතාවයේ නිතර වූහ.
ආයතනයේ පාලන අධිකාරිය සමඟ සාකච්ඡා කිරීමට විරෝධතාවයේ නිරත ශිෂ්‍යයන් පහළොස් දෙනෙකු කැඳවුවද ඔවුන්ගේ කොන්දේසිවලට සිසුන් එකඟ නොවීම නිසා එය ප්‍රතික්ෂේප කළේය.
විරෝධතාවය හේතුවෙන් අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ආයතනය දැවත දැනුම්දෙන තුරු වසාදැමීමට ගත් තිරණය නිසා විරෝධතාකරුවෝ විරෝධතාවය අවසන් කර විද්‍යාල භූමියෙන් පිටව ගියහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd