IMG-LOGO

2025 ඔක්තෝබර් මස 22 වන බදාදා


තාක්ෂණික දෝෂයක් නිසා පකිස්තාන මැතිවරණ ප්‍රථිපල ප්‍රමාදයි

මැතිවරණ ප්‍රතිඵල අද (26) උදෑසන වනවිට නිකුත් කර අවසන් කිරීමට නියමිතව තිබුණත් තාක්ෂණික දෝෂයක් නිසා ප්‍රතිඵල නිකුත් කිරීම ප්‍රමාද වී තිබේ.

ප්‍රතිඵල තවමත් ගණනය කරමින් තිබෙන අතර ප්‍රකාශයට පත් කර තිබෙන ප්‍රතිඵල අනුව වැඩි වාසි අත්පත් කරගැනීමට හිටපු ක්‍රිකට් ක්‍රීඩක ඉම්රාන් ඛාන් සමත්ව තිබේ.

මැතිවරණ ප්‍රතිඵල වෙනස් කිරීම, ප්‍රචණ්ඩ ක්‍රියා, තලේබාන් සහ අයි.එස් ප්‍රහාර එල්ල වීමේ අවදානම මධ්‍යයේ පාකිස්තාන මහ මැතිවරණය ආරම්භ වූ අතර ඡන්දය ප්‍රකාශ කිරීම අවසන් වී පැයි 20කට වැඩි කාලයක් ගත වී තිබේ. 

කෙසේ නමුත් ඡන්දය ගණන් කිරීමේදී අක්‍රමිකතාවක් සිදුව ඇතැයි නවාස් ෂරීෆ් ප්‍රමුඛ පී.එම්.එල්-එන් පක්ෂය චෝදනා කරයි. දූෂණ චෝදනාවලට වරදකරු වී සිටින හිටපු අගමැති නවාස් ෂරීෆ්ගේ දේශපාලන පක්ෂය වන්නේ ද පී.එම්.එල්- එන් පක්ෂයයි. 

මේ වනවිට අඩකට වඩා ඡන්ද ගණනය කර ඇතැයි වාර්තා වන අතර එම ප්‍රතිඵල අනුව විශිෂ්ට ජයක් ලැබීමට පාකිස්තාන් තරීක් ඊ ඉන්සාෆ් (පී.ටි.අයි) එසේත් නැතිනම් සාධාරණත්වය සඳහා වූ පාකිස්තාන ව්‍යාපාරයේ ඉම්රාන් ඛාන් සමත්ව ඇතැයි වාර්තා වේ. 

ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ආසන 137ක බහුතර බලය දිනාගත යුතු වේ. දැනට ප්‍රකාශයට පත් කර තිබෙන ඡන්දවලින් ආසන 119 ක බලය තහවුරු කරගැනීමට ඉම්රාන් ප්‍රමුඛ පී.ටි.අයි පක්ෂය සමත්ව තිබේ. හිටපු අගමැති නවාස් ෂරීෆ් පක්ෂයට බලය තහවුරු කරගැනීමට හැකියාව ලැබී ඇත්තේ ආසන 61ක පමණි. 

පාකිස්තාන පාර්ලිමේන්තුවේ ආසන 446කින් සමන්විතය. ඉන් 104 දෙනෙකු සෙනට් සභිකයන් වන අතර ආසන 60ක් කාන්තාවන් සඳහාත් ආසන 10ක් සුළු ජාතික කොටස් සඳහාත් වෙන් කරනු ලැබ තිබේ. මහ මැතිවරණය පැවැත්වුණේ ආසන 272ක් සඳහාය. 

පාකිස්තානයේ සමස්ත ජනගහනය මිලියන 207ක් වන අතර ඉන් මිලියන 106ක් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලබා තිබූහ. ජනගහනය අතින් පාකිස්තානය යනු ලොව හයවැනි විශාලතම රට වන අතර දකුණු ආසියානු කලාපයේ භු දේශපාලනයේදී ඉතා වැදගත් භූමිකාවක් රඟ දක්වයි.

මෙවර බල හුවමාරුව සාමකාමී අයුරින් සිදුව වුවහොත් වසර 70ක පාකිස්තාන ඉතිහාසයේ එක් ආණ්ඩුවකින් තවත් ආණ්ඩුවකට සිවිල් බලය හුවමාරුවක් සිදුවන දෙවැනි අවස්ථාව මෙය වනු ඇත. 

ඒ.එෆ්.පී/රොයිටර්


055



අදහස් (1)

තාක්ෂණික දෝෂයක් නිසා පකිස්තාන මැතිවරණ ප්‍රථිපල ප්‍රමාදයි

sirimal Thursday, 26 July 2018 01:03 PM

එකෝමත් එක රටක එකෝමත් එක ඡන්දයකදී ඔය ජාතියේ දෙයක් වුනා කියල අපි පරණ කතා වස්තුවක අහලා තියෙනවා.

:       1       19

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1164 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1170 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 433 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site