IMG-LOGO

2025 ඔක්තෝබර් මස 20 වන සඳුදා


ඩීසල්-පෙට්‍රල් වාහන නිෂ්පාදනය නැවතීමට චීනයේ අවධානය

සාම්ප්‍රදායික ඉන්ධන වර්ග යොදා ගන්නා වාහන අලෙවිය නතර කිරීම සම්බන්ධයෙන් චීනයේ අවධානය යොමු වී තිබේ.

ඩීසල් සහ පෙට්‍රල් යන සාම්ප්‍රදායික ඉන්ධන යොදාගන්නා මෝටර් රථ අලෙවිය සහ නිෂ්පාදනය නවතා දැමීම සම්බන්ධයෙන් අවධානය කරමින් සිටින බව චීනයේ ෂින්හුවා පුවත් සේවය වාර්තා කරයි. ලොව විශාලතම මෝටර් රථ වෙළෙඳපොළ වන චීනය එම තහනම පනවන්නේ කවදාද යන්න තවම නිශ්චිතව ප්‍රකාශයට පත් කර නැත.

“සාම්ප්‍රායික ඉන්ධන, ඩීසල් සහ පෙට්‍රල් මෝටර් රථ වාහන අලෙවිය නවතා දැමීම සම්බන්ධයෙන් අපි අවධානය යොමු කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් දැනටමත් අධ්‍යයනය කරනවා” යැයි චීනයේ කර්මාන්ත සහ තොරතුරු තාක්ෂණ නියෝජ්‍ය අමාත්‍ය ෂින් ගුබින් මහතා පැවැසීය. වසර 2040 සිට ඩීසල් සහ පෙට්‍රල් වාහන භාවිතය තහනම් කිරීමට එක්සත් රාජධානිය සහ ප්‍රංශය දැනටමත් තීරණය කර තිබේ.

“ඩීසල් සහ පෙට්‍රල් වාහන භාවිතය සහ නිෂ්පාදනය නවතා දැමීමට ඇතැම් රටවල් දැනටමත් තීරණය කර තිබෙනවා. ඔවුන් ඒ සඳහා දින වකවානුද ප්‍රකාශයට පත් කර අවසන්. අපි දැනටමත් අධ්‍යයනයක් ආරම්භ කර තිබෙනවා. එහි ප්‍රතිඵල අනුව සාම්ප්‍රදායික ඉන්ධන භාවිත කරන වාහන නිෂ්පාදනය සහ අලෙවිය නවතා දමන්නේ කවදාදැයි ද යන්න තීරණය කරනවා. එම පියවර අපේ මෝටර් රථ කර්මාන්තයට සුවිශේෂී වෙනස්කම් රැසක් සිදු කරාවි” යැයි ද නියෝජ්‍ය අමාත්‍යවරයා කීවේය.

වායූ දූෂණය අවම කිරීමට සහ ගෘහස්ථ මෝටර්රථ නිෂ්පාදකයන් සහ ගෝලීය මෝටර් රථ නිෂ්පාදකයන් අතර තිබෙන පරතරය අඩු කිරීමේ අරමුණින් 2025 වනවිට විදුලි සහ දෙමුහුන් (හයිබ්‍රිඞ්) මෝටර් රථ නිෂ්පාදනය සමස්ත වාහන නිෂ්පාදනයෙන් පහෙන් එකක් බවට පත් කිරීමට චීනය බලාපොරොත්තුවෙන් සිටියි.

(රොයිටර්- 055)



අදහස් (13)

ඩීසල්-පෙට්‍රල් වාහන නිෂ්පාදනය නැවතීමට චීනයේ අවධානය

rama Sunday, 10 September 2017 09:29 AM

මමත් ඉන්නේ ඒ කලේ වෙනකම් වාහනයක් ගන්න.

:       0       31

PA-RA Sunday, 10 September 2017 10:00 AM

චීනුවනි, නරකද හයිඩ්‍රජන් වලට ගියානම්...

:       1       30

banda Sunday, 10 September 2017 10:15 AM

එහෙම වුණාට පස්සේ, අරාබියේ ගැහැණු ලංකාවේ, චීනයේ, ජපානයේ වැඩට ගෙන්වා ගත හැකිය.

:       15       381

Pse Sunday, 10 September 2017 10:21 AM

මාමා මහත්තයා, ඔබ ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත වොක්ස්වෝගන් රථයක් මිලට ගන්නද ප්ලෑන් කරන්නේ?

:       2       177

perakum Sunday, 10 September 2017 10:38 AM

මිනිස් වර්ගයාගේ අනාගත සුභ සිද්ධිය වෙනුවෙන් ගනු ලබන මෙවැනි තීරණ පිලිබඳ අපගේ ප්‍රණාමය.

:       0       108

upali Sunday, 10 September 2017 11:02 AM

ලංකාව යන්නේ පස්සට, ඒකනේ දෙමුහුන් කාර් වලටයි, විද්‍යුත් කාර්වලටයි බදු ඉහළ දැම්මේ. මෝඩ පාලකයෝ ලංකාව කනවා..

:       27       461

ravin Sunday, 10 September 2017 12:27 PM

චීනා ලෝකෙට කියන්නේ වැඩේ සෑහෙන දුරට කරලා ඉවර වුණාට පස්සේ. චිනයේ පළවෙනි ගුවන් යානා බැස්ස විය හැකි නැව ගැන ලෝකේ දැනගත්තේ සමුද්‍රයෝග්‍යතාව පරික්ෂා කරන්න කිට්ටුවයි. ජපානෙන් ගත්තු විදුලි දුම්රිය බොහොම කෙටි කලක් තුලදී දෙගුණයක් වේගයෙන් යන්න හැදුවා කියලා පත්තරේක තිබුණා. බොහොම ළඟදීම ලෝකෙට කියාවි දින වකවානු.

:       1       16

de silva berlin Sunday, 10 September 2017 12:48 PM

මමත් උපාලි මහතාගේ අදහස අනුමත කරමි. අනුවණ පාලකයනි ඉන්ධන පිරිමසන දෙමුහුන් වාහන වලට ගහන අමතර බදු අඩුකරන්න. ජනතාව ඉන්ධන දහනය වැඩි පරණ වාහන භාවිත කරන කොට පරිසර දූෂණය ඉහල ලෙස සිදුවන අතර ඉන්ධන මිලදී ගැනීමට පිටරටවලට ඇදීයන මුදලද වැඩිවේ. මෙවැනි බදු ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ මම දන්නා තරමින් ලංකාවේ පමණි.

:       1       310

NuwanSunday, 10 September 2017 02:09 PM

අනුවණ පාලකයන් නොවේ රජ කපටි, වාහන සේල් එක්ක එකතුවෙලා කුට්ටිය ගන්න ,සාමාන්‍ය රැකියා කරලා ජීවත්වෙන අපට අපට ආරක්ෂාකාරී ජපන් වහනයක් ගන්න තියන අවස්ථාව නැතිකරලා දැම්ම . දැන් කෝටියකට අසන්න මුදලක් ඕන ගෙදර හැමෝටම යන්න පුළුවන් අලුත් ජපන් වහනයක් ගන්න. හ්ය්බ්රිඩ් සහ විදුලි වාහන වලට අපි ඉක්මනින් හුරුවෙන බව දැකල ගැන කපාගන්න තමයි මෙහෙම කලේ

:       0       290

perakum Sunday, 10 September 2017 01:57 PM

මහජන මුදලින් නඩත්තුවෙන උපදේශකයෝ ඉන්නවා කෝටියක්. ඒත් හරි උපදේශයක් දෙන්න කෙනෙක් නැහැ. දේශපාලකයෝ යකා නටනවා.

:       0       52

vipula Monday, 11 September 2017 03:01 AM

පොසිල ඉන්දන වල ඉල්ලුම අඩුවෙන එකනම් ලෝකයටම හොද දෙයක්.

:       0       27

de silva berlin Monday, 11 September 2017 06:20 AM

පොලිතින් තහනම් කල පමණින් පරිසරය සුරැකෙන බව ආණ්ඩුව ජනතාවට කියන්නේ නම් එය බොරුවකි , විෂ වායු මගින් පරිසරයට පොලිතින් වලට වැඩි විනාශයක් සිදුවේ , පරිසර දුෂණය අවම ඉන්ධන පිරිමසන වාහන භාවිතයට ජනතාව දිරිමත් කිරීම ආණ්ඩුවේ වගකීමය , එහෙම වාහන භාවිත කරන පුද්ගලයන්ට යුරෝපයේ බදු සහන හිමිවේ , මෙහෙ බදු වැඩියෙන් ගහන්නේ පරිසර හිතකාමී වාහන වලට.

:       0       0

ravi Monday, 11 September 2017 08:54 PM

අපේ ලංකාවේ තමයි ප්රිවුස් වාහනේට ලෝකෙම වැඩිම බද්ද ගහන්නේ.. බද්ද විතරක් ලක්ෂ 72 ක් .. ජපානේ අමුද්‍රව්‍ය ,සේවක වියදම් , වෙනත් වියදම් , සහ ලාබය සියල්ල ඇතුලත්ව ලක්ෂ 72 කට අලුත්ම අලුත් ප්රිවුස් 2 ක් ගන්න පුළුවන් .

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1050 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1084 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 419 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site