(හර්ෂණ තුෂාර සිල්වා)
ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකවලට අනුව ඇමෙරිකානු එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල අද (7) ශ්‍රී ලංකා රුපියල් 183.07ක් ලෙස දැක්විණි.
ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ ගැනුම් මිල ඊයේ (6) 179.40ක් ලෙසද සටහන්ව තිබිණි.
ශ්‍රී ලංකා මහ බැංකුව සතිපතා නිකුත් කරන දත්තවලට අනුව පසුගිය සතියේ සිකුරාදා (4) දක්වා මේ වසරේ ගත වූ කාලයේදී ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය සියයට 0.6කින් ඉහළ ගොස් තිබේ.
එම කාලයේදී ස්ටාර්ලිං පවුමට සාපේක්ෂව සියයට 3.3කින් ද යුරෝවට සාපේක්ෂව සියයට 4.8කින් ද ඉන්දීය රුපියලට සාපේක්ෂව සියයට 2.2කින් ද ශ්‍රී ලංකා රුපියලේ අගය ඉහළ ගොස් තිබේ.
කෙසේ නමුත් ජපානයේ මුදල් ඒකකයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය සියයට 2.7කින් පහළ වැටී තිබේ.
COMMENTS
මේ ප්‍රවුර්තිය නම් දල තියෙන්නේ මහජනයා නොමග යවන්න දේශපාලන වශයෙන් එක්තරා ඡන්ද අපේක්ෂකයකුට වාසි වීමටත් ආණ්ඩුවේ ඉන්න අපේක්ෂකයට අවාසිවෙන හැඟීම් ඇති කරන්න මක් නිසාද යත් මීට කලිනුත් ඩොලරය 184 නැග්ග ඊට පසු ක්‍රමයෙන් අඩු උනා.
ඕක සාමන්‍ය දෙයක්. මේ දිනවල ඩොලරය ශක්තිමත් වෙලා තියෙන්නේ. යුරෝ එකත් වැටිලා තියෙන්නේ ඩොලරය නිසා.
අපේක්ෂකයින් වැඩි වෙනකොට ඩොලරයත් වැඩිවෙලා...
US $ ය ශක්තිමත් බව ඇත්ත. නමුත් රුපියල බාල්දුවන්නේ ඒ හේතුව නිසා නොව. අපේ අපනයනයන් 2015 සිට පහත ගිය නිසාවෙනි. රටේ රබර් කපන්නේ නැති, තේ දළු නොකඩන, පොල් මෝලවල් අපෙන් පොල් ගන්නේ නැති එකම වකවානුව මෙයයි. යුද්දය අවසාන වී, සංචාරක කර්මාන්තය 2018 දක්වා විශාල ලෙස රැකියාවන් උපද්දවමින් විදෙස් විනිමය ගෙනාවත්, ආරක්ෂා කටයුතු වල සහ රටේ පාලනයේ දුර්වලතාවත්, පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර හමුවේ, සංචාරක කර්මාන්තයටත් අබ සරනයී.
ඩොලරය නගින හැටි බලන්න පුළුවන් ගෝඨා ජනාධිපති වෙච්ච දවසට. එතකොට ඔය ඔක්කොමටම තරු පෙනෙයි!
ලංකාවේ සෑම දෙයකටම දේශපාලනය ගාවගන්නවා නේද.? හතර වටින්ම ණයගන්න කොට කවුරු දින්නත් රුපියලේ අගය අඩුවෙනවා.