ඉදිරියේ දී ඩොලරයේ වටිනාකම අඩුවුව හොත් සියයට 05 කින් වැඩි කළ ඖෂධ මිළ යළි අඩු කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.
සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ලංකා සතොස පයාගල නව වෙළෙද සැල විවෘත කිරීමේ අවස්ථාවට (24දා) එක්වෙමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා පවසා සිටියේ ඩොලරයක වටිනාකම ඉහළයාම හේතුවෙන් ඖෂධ මිල සියයට 5 කින් ඉහළ දැමීමට සෞඛ්‍ය අමාත්‍යාංශයට සිදු වූ බවත් නමුත් ඩොලරයක වටිනාකම ඉදිරියේ දී අඩු වුවහොත් යළි ඖෂධ මිල අඩු කර රෝගී ජනතාවට සහනයක් සැළසීමට හැකි බව එතුමා පැවසීය.
මෙම අවස්ථාවට එක්සත් ජාතික පක්ෂ බේරුවල ආසන සංවිධායක ඉෂ්ඨිකාර් ජමීල් සහ ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන සංවිධායක එම්.එම් අම්ජාඩි මහතා ඇතුලු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.


COMMENTS
රුපියල බසියි ඩොලරය යයි රොකට්ටුවේ... කාගෙද වරද ඔබේම මිස අපේ නොවේ ... නිෂ්පාදනය අපනයනය විලංගුවේ ... කටමැත දොඩනමුත් ඉන්නේ වලංගුවේ ...
කතාව දෝලාවෙන්, ගමන පයින්, මිනිස්සු හාමතේ, බෙහෙත් ගන්න සල්ලි නැතුව දුක් විඳිනවා. මේ ගොල්ලෝ විතරයි ජීවත් වෙන්න ඕනෑ. මහ බැංකුව කොල්ල කෑවා. ඒවා ගෙවන්න ඕනෑ රටේ දුප්පත් මිනිස්සු.
ඩොලරය ඉහළ යන්නේ මහ බැංකු වංචාකාරයින් සොරකම් කොටගත් බැඳුම්කරවලට පොළී වශයෙන් ගෙවන රුපියල් කෝටි සංඛයාත මුදල් නිසාවෙනි. දැන් ඒ වෙනුවෙන් බදු, දඩ හා මිල ඉහළ දැමීම් යනාදී සියල්ලටම බිලි වීමට සිදුවී ඇත.
"අද මුදලට හෙට ණයට නොවැ" මනුස්ස ආත්ම ලබපු අය නිතරම මෙවැනි නන්දොඩවන කතා කීම ඒ ඒ අයගේ ගති පැවතුම් නොවැ...
එතකොට බස්නාහිරින් ඉර පෑව්වා කියලාත් පත්තරෙත් වැටේවි. රු130 ගන්නට තිබුන ඩොලරය එකවර රු. 150 ට නැග්ගේ ඔහෙලගෙ මගොඩි වැඩනිසා තමයි නැතුව අපි රුපියල බාල්දුකලේ නැත. මෙයාගේ කතාව හරියට අපි කලා වගේ.
කවුරුවත් අඩු කරන්න ඕන නෑ ඉබේම අඩුවෙයි ඩොලර් එක අඩු උනොත්.
මේ රටේ සියයට 99% තියෙන්නේ පිටරටින් ආනයනය කරපු බඩු. ඉතින් මේ බඩු සියල්ලක්ම ආනයනය කරන කොට සල්ලි යවන්නේ ඩොලර් වලින්. ඉතින් ඩොලර් එක ගනම් යනකොට ආනයනය කරන බඩුවක මිල ඉහල යනවා. ඩොලර් එක පහල යනකොට ආනයනය කරන බඩුවක මිල ඉබේම අඩු වෙනවා. මේක සරල සමීකරණයක්. මේ යහපාලන ආණ්ඩුව ආපු දවසේ ඉදන් ඩොලර් එක රුපියල් 25 කින් නැග්ග. මේ ඩොලර් එකේ අදික වැඩිවීම නිසයි අද බඩු මිල අහස උසට නැගල තියෙන්නේ. අපි යහපාලනයට කියන්නේ වහාම ඩොලර් එක රු.130/- අගයකට අඩුකරන්න. නැත්නම් මහජනතාව අදික බඩුමිල නිසා දැඩි පිඩනයෙන් ඉන්නේ.
අපරාදේ බෙහෙත් අඩු කළා කියලා දැම්ම ඇඩ් වලට ගෙවපු සල්ලි
මහේන්ද්‍රන්, ඇලෝසියස්, රවීලට කියලා ඩොරලය අඩු කරන්න බැරිද? ඉතිහාසයේ ඩොරලය අඩුවෙලා තියෙනවාද?
මේගොල්ලන්ගේ බෝක්කු කටවල්වලින් කියන නැහැදිච්ච කථා අහලා-අහලා මේ මුළු කාලයේම අනන්ත අප්‍රමාණ දුක් විදිනවා. තුප්පත් මිනිහෙකුට බෙහෙතක් ගන්න විදියක් නැහැ. හොරකම් කිරීමේ කෙලවරක් නැහැ. හරියට අපි හොරකම් කලා වගේ නේ මෙයාගේ කතාව.
බස්නාහිරින් ඉර පෑව්වොත් මම රෙදි වැල අනික් පැත්තට බඳිනවා.