(රොමේෂ් මධුෂංඛ)
මන්නාරම පල්ලිමුනේ මුහුදේ ඩයිනමයිට් යොදා මසුන් මැරූ ධීවරයින් අට දෙනෙකු මන්නාරම සහකාර ධීවර අධ්‍යක්ෂ කාර්යාලයේ නිලධාරීන් අද (27) අත්අඩංගුවට ගෙන තිබේ.
මන්නාරමේ නාවික හමුදා නිලධාරීන් පිරිසකට අදාල ධීවරයින් ඩයිනමයිට් යොදා මසුන් අල්ලන බව තොරතුරු අනාවරණය වීමෙන් පසු වීමෙන් පසු ඒ බව නාවික හමුදා නිලධාරීන් විසින් මන්නාරම් ධීවර සහකාර අධ්‍යක්ෂ කාර්යාලයේ නිලධාරීන් දැනුවත් කර මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.
සහකාර ධීවර අධ්‍යක්ෂ කාර්යාලයේ නිලධාරීන් සමඟ ධීවර පරීක්ෂක නිලධාරීන් පැමිණෙන විට ඩයිනමයිට් යොදා මරන ලද මසුන් පල්ලිමුනෙයි මාළු තොග අලෙවි කරන ස්ථානයේ අලෙවි කිරීමට සූදානම් කොට තිබූ බව ධීවර නිලධාරීන් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd