( නිමන්ති රණසිංහ)
 ඩුබායි  රටෙන් පිටුවහල් කිරීමෙන් පසු ලංකාවේදී අත්අඩංගුවට ගත්   පාතාල සාමාජිකයකු වු මොහොමඩ් ෆයිසාර්  නැමැත්තා හෙට (10 ) දක්වා කොළඹ අපරාධ කොට්ඨාසයේ ර ඳවා ප්‍රශ්න කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ආර්.බී. නෙළුම්දෙණිය මහතා අද (09) අවසර දුන්නේය.
 
 ඊයේ (08) අලුයම කටුනායකදී  මෙම සැකකරු අත්අඩංගුවට ගත්තේය.
 
අද ඔහු කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අධිකරණයට ඉදිරිපත් කළේය.
 
ඔශු දණ්ඩනීතී සංග්‍රහයේ 298 වගන්තිය ප්‍රකාරව මිනීමැරීමට තැත් කළැයි කියන චෝදනාවක් සම්බන්ධයෙන් අද අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.