IMG-LOGO

2025 ජුලි මස 31 වන බ්‍රහස්පතින්දා


ඩෙංගු බලන්න ඇවිත් නිවස කොල්ල කති

(ජේ.කේ.එල්.චාමින්ද)  

                                                     
ඩෙංගු මර්දන කටයුතු සඳහා බව පවසමින්  මාගාල්ල ප්‍රදේශයේ නිවසක තනිවම ජිවත්වු  69 හැවිරිදි වයස්ගත කාන්තාවකගේ නිවසට ඇතුල් වී ඇයගේ අත් පා රෙදිපටි වලින් බැඳ නිවසේ තිබු රුපියල් 15,000ක මුදලක් හා රන් වළලු හතරක් කොල්ලකා ගෙන ගිය තිදෙනෙකු ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.


මෙම කොල්ලකරුවන් තිදෙනා ඩෙංගු මදුරුවන් පරික්ෂා කිරිමට පැමිණි බව පවසමින් නිවසේ දොරටුව විවෘත කරවා ගෙන තිබේ.

 
පසුව උල් පිහියක් පෙන්වා මෙකී කාන්තාව බිය ගන්වා මුදල් හා රන් භාණ්ඩ කොල්ලකා ගෙන පලා ගොස් ඇත.  


අත්අඩංගුවට ගත් තිදෙනාගෙන් දෙදෙනෙකු මිනිමැරුම්වලට සම්බන්ධව රක්ෂිත බන්ධනාගාර ගතව සිට ඇප මත නිදහස් ව සිටින දෙදෙනෙකු බවද පොලිසිය කියයි. 


අනික් පුද්ගලයා කොස්ගොඩ ප්‍රදේශයේ කාන්තාවකගෙන් රුපියල් කෝටියක මුදලක් කප්පම් ඉල්ලීමේ චෝදනාවට රක්ෂිත බන්ධනාගාර ගතව සිට ඇප මත සිටින අයෙකි. 


මෙකී කාන්තාව තේ ඉඩම් ඇතුළු දේපලකට හිමිකම් කියන කාන්තාවකි. 


කොල්ලකරුවන් තිදෙනා ගාල්ල බන්ධනාගාර ගතව සිටියදී මෙකී කොල්ලකෑම සැලසුම් කර ඇති බව පොලිස් පරික්ෂණ වලදී අනාවරණය වී තිබේ.    



අදහස් (5)

ඩෙංගු බලන්න ඇවිත් නිවස කොල්ල කති

will Monday, 18 June 2018 07:08 AM

වැස්ස අස්සේම අැවිත් වතුර තියෙනවා මදුරුපනුවො ඉන්නවා කිියලා මිනිස්සු මංකොල්ලා කෑමටම ලෑස්තිි කණ්ඩායම් ඉන්නවා.මේක නිලධාරීයා ගේ සහයෝගයත් අැතිව කරන දෙයක්, කණ්ඩායම අතරේ මුදල් බෙදාගන්නවා ,පොලිසිය කුඩු දාලා නඩුවලට පටළවන න‍්‍යායම තමයි ඒකත්,

:       0       10

senaMonday, 18 June 2018 02:08 PM

දෙහිවල මේ මාෆියාවට ගොදුරු බිමක් වෙලා. මේ ගැන MOH විමසිලිමත් වියයුතුව තියෙනවා.

:       0       5

dasa Monday, 18 June 2018 07:41 AM

අද බොහෝ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුත් දුෂිතයි. ගෙවල්, හෝටල්, කඩ ආදිය පරීක්ෂා කරලා නඩු නොදැමීමට පගාව ගන්නවා. මේ ගැනත් සොයා බලන්න.

:       0       81

silMonday, 18 June 2018 02:15 PM

මේවත් සමාජය විනාශ කරන බරපතල දුෂණය ක්‍රියා තමා

:       0       1

tommy Monday, 18 June 2018 08:42 AM

අද බන්ධනාගාර වලට ගියාම ඒ අය ඇතුලට ගියාට වඩා ලොකු හොරු බවට පත්වී එලියට එන්නේ. ඊට පස්සේ ඇප ලබාගෙන එලියට ඇවිල්ල අයෙත් අපරාධ කරන්නට පටන් ගන්නවා. මෙය මෙවැනි අපරාධකරුවන්ට ඇප දෙන නීති පද්ධතියේ වැරැද්ද.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 92 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 238 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 589 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site